Connect with us

පුවත්

රනිල්ට ආණ්ඩුවෙන් බැනුම්

Published

on

මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බව සඳහන් කරමින් ඊයේ (9) නිකුත්කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වූයේ මත්පැන් බලපත්‍ර ලබාදීම මගින් රජය රුපියල් බිලියන 3කට වැඩි ආදායමක් උපයාගත් බවය.

තවදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා,

“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිව්වා අවුරුද්දකට බාර් ලයිසන් 250ක් 300ක් දීලා ඒකෙන් ලැබෙන බදුවලින් අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් කරන්න බලාපොරොත්තුව තිබ්බේ කියලා. මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මේ ආකාරයට ඉතාම උපහාසයෙන් යුතුව අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.බාර් ලයිසන් දෙන එක නෙමෙයි වැඩේ. ඒ බාර් ලයිසන් දීලා ඒ විකුණන අරක්කුවලට ජනතාව ගෙවන බදු මුදල් එකුත් කරගන්නවත් රනිල් වික්‍රමසිංහලා කටයුතු කරලා තිබුණේ නෑ. උදාහරණයක් ලෙස ඇලෝසියස්ට අයිති සමාගම් තුනේ ඔවුන්ගේ හිඟ බදු සහ අධිභාරය තියෙනවා 2022 ඉදන්. බාර් ලයිසන් දෙන්න තීන්දු ගන්නකොට නොගෙවූ බදු එකතු කරන්නත් තීන්දුව ගන්න තිබුණා.

මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු තියෙනවා බිලියන 7කට ආසන්න ප්‍රමාණයක්. අපි කටයුතු කරන්නේ එම බදු අයකර ගන්න. අපට පනතෙන් බලය තිබුණා නම් ඒ හිඟ බදු වෙනුවට, ඔවුන්ගේ දේපොළ රජයට අත්පත් කරගන්න…ඒකත් රජය කරනවා.ඒ නිසා රනිල් වික්‍රමසිංහට කියන්න කැමතියි මේ රටේ බාර් වවන වෙලාවේ පොල් වැව්වා නම්, රටේ වී ගබඩාටික හැදුවා නම් අද මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ”.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved