Connect with us

පුවත්

“රනිල් ගාවට ගිය අය ආයෙත් මා ගාවට ආවා”

Published

on

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය ඇතමුන් සහයෝගය දැක්වීමට යෑමට පෙර, පසු සහ අද පෙරවරුවේත් සිය නිවසට පැමිණි බවත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු එවැනි සහයෝගය පළකිරීම් සහ සාකච්ඡා අපේක්‍ෂා කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධාය නාමල් රාජපක්‍ෂ මහතා අද (30) පැවසීය.

කොළඹදී අද (30) පෙරවරුවේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

තරුණ අයට එවැනි දේවල් විශේෂයන් වුවද මගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැනි වැඩිහිටියන්ට මෙවැනි දේවල් සාමාන්‍ය තත්වයන් බව කී නාමල් රාජපක්‍ෂ මහතා තමන් නියෝජන කරන දේශපාලන කඳවුරු ආරක්‍ෂා කිීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිටම යූඑන්පී විරෝධී කඳවුරේ සිටීම නිසා එම ඵෙතිහාසික යූඑන්පී විරෝධය නියෝජනය කිරීමට ඉදිරියටත් කටයුතු කරන බවත් ජනාධිපතිවරණයේ යූඑන්පී විරෝධී සහ යූඑන්පී යන පාර්ශව දෙකක් කටයුතු කරනු ඇති බවත් ඒ මහතා කීය.

ජනාධිපතිවරණයේදී මහනාප දේශපාලනයක් නොමැති නිසා මහජනතාව සමඟ ගණුදෙනුවක් ඇති බවත් ඇතමුන් මනාප එකතු කරගැනීමේ අවස්ථාවක් බවට මේ අවස්ථාව පාවිච්චි කිරීමට සූදානම් වන්නේ යැයි පෙණෙන බවත් නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් පැවසීය. 

පුවත්

වෙසක් බලන්න ගිය ලොරි රථයක් අනතුරට ලක්වේ

Published

on

By

කොළඹ සිට ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබු 10 දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුවේ සිට වෙසක් සිරි නැරඹිමට කුඩා ලොරි රථයකින් කොළඹ ගොස් ආපසු නැවත ආණමඩුවට පැමිනෙමින් සිටි පිරිසකි.

අනතුරින් තුවාල ලබා ඇති පිරිස අතර  කුඩා ළමුන් තිදෙනෙකුද සිටින බව සඳහන්ය.

Continue Reading

පුවත්

දන්සල් 8 ක් අත්හිටුවයි

Published

on

By

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවය.

වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ දිනයේ දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබු අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වුණි.

අද දිනයේත් පවත්වනු ලබන දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

මහමඟ සියල්ලෝ භීතියට පත්කර වෙසක් බලන්න ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

Published

on

By

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් ඇතුළුව යතුරුපැදි 16ක් බණ්ඩාරගම පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ යතුරුපැදි 16 සමග තරුණයින් 16 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වෙසක් සිරි නැරඹීමට යමින් සිටි ජනතාවට පීඩාවක් යන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවලටද මහජන පීඩාවක් ඇතිවන අයුරින් අධික ශබ්ද නගමින් මෙම යතුරුපැදි අදාළ යතුරුපැදිකරුවන් විසින් ධාවනය කර තිබේ.

පොලිස් භාරයට ගත් අධිබලැති යතුරුපැදි හතරෙහි ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කිරීමේදි ඒවා සැකකටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනෙකුත් සියලුම යතුරුපැදි නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදි ගමන් ගන්නා පදිකයින් බිය උපද්දවන සුළු හඬ පැතිරෙන අයුරින් වෙනත් කොටන් බද්ධ කර තිබූ බවටද පොලීසිය සිදුකල පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කලේ අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

එම තරුණයින් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved