ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැජට් පාරේ ඔහු නැවැතී සිටි නිවස ආණ්ඩුවට භාර දෙමින් කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි සිය පෞද්ගලික නිවසට පසුගිය බ්‍රහස්පතින්දා සිට නැවත පදිංචියට ගියේය.
ඔහු කලක් රජයට අයත් පැජන්ට් පාරේ නිවසක කාලය ගත කළේ පස්වැනි පටුමගෙහි පිහිටි ඔහුගේ පෞද්ගලික නිවස අරගල සමයේදී අරගල කරුවන් විසින් ගනිතබා විනාශකර තිබූ නිසාය.
එම ගින්නෙන් ඒ නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබිණි.
කෙසේවුවද, වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයා ලෙස කොටුව ජනාධිපති මන්දිරයේ පදිංචි වීමට අවස්ථාව තිබුණත් ඔහුට එම අවස්ථාවද අහිමි වූයේ අරගලකරුවන් ජනාධිපති මන්දිරයටද හානි කිරීම නිසා එයද පාවිච්චියට ගත හැකි මට්ටමක නොතිබුණු නිසාය.
පෞද්ගලික නිවස ගින්නෙන් විනාශ වූ පසු ඉතිරි වූ සේසතෙන් ජනාධිපතිවරයා පැජට් පාරේ නිවසට රැගෙන ගියේ බුදු පිළිමයක් පමණක් බවද පැවසේ.
එම බුදු පි්ළිමය කොළඹ හිටපු නාගරික මන්ත්‍රි කිත්සිරි රාජපක්ෂ මහතා (චොප්පෙගේ පුතා) විසින් ලබාදී තිබූ එකකි.
ජනපතිගේ නිවසට ගෙවැදීම පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වී තිබීම ද විශේෂිතය.
ජනාධිපතිවරයා සමග බිරිඳ වන මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, සහෝදරයන් වන චන්න වික්‍රමසිංහ, නිරාජ් වික්‍රමසිංහ හා ඥාති දියණියක වන ශානිකා වික්‍රමසිංහ එම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.
සිය සෞද්ගලික නිවසට ආ ජනපතිවරයාගේ මීළඟ අරමුණ වී ඇත්තේ ගිනිගත් පොත් ටික නැවත සොයා ගැනීම බව පැවසේ.
කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිටි කර්මාන්ත අමාත්‍යාංශයේ සේවය කළ නිලධරියකු එම පොත් ලේඛන ලැයිස්තු ගත කර ඇති බවද මේ අතර වාර්තා වේ.