මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ, අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.
ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳ විදෙස් ගතව සිටින අතර ඔහු දරුවන් දෙදෙනා සමග ජීවත්ව ඇති බවට මූලික විමර්ශනෙවලදී අනාවරණය වී ඇත.
මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් සය හැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කළ එම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 9 හැවිරිදි තවත් පිරිමි දරුවෙකු මේවනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.
වෙඩිතැබීම සිදුකරන අවස්ථාවේදී ඔහුගේ දියණිය සහ පුත්‍රයාද ඔහු සමග යතුරුපැදියේ ගමන් කර තිබුණි.
වෙඩි ප්‍රහාරයෙන් වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.
ඉන් යතුරුපැදියේ ගමන් කළ කුඩා දියණිය සහ පුත්‍රයාද බරපතළ තුවාල ලබා ඇති අතර 6 හැවිරිදි දියණිය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 09 හැවිරිදි පුත්‍රයා මේවනවිට ප්‍රතිකාර ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
පොලීසිය පැවසුවේ ඨ්56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් වෙඩිතැබීම සිදුකර ඇති බවය.
වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීමට මිද්දෙණිය පොලිසීය විමර්ශන ආරම්භ කර තිබේ
(පෙර පුවත 2025 පෙබරවාරි 19පෙ.ව11.19)
මිද්දෙණිය වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මරුට
මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා මියගොස් තිබේ.
ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19) මෙලෙස මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙකි.
(පෙර පුවත 2025 පෙබරවාරි 19පෙ.ව.7.08)
මිද්දෙණියේ වෙඩි තැබීමක්, තාත්තයි හය හැවිරිදි දුවයි මරුට
තංගල්ල, මිද්දෙණිය කඩේ වත්ත මංසන්ධියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු හා දියණිය මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා සිය දියණිය හා පුත්‍රයා සමග ඊයේ (18) රාත්‍රී 10.15 ට පමණ යතුරු පැදියකින් යමින් සිටියදී නාඳුනන පිරිසක් විසින් වෙඩි තැබීම කර ඇති බවයි.
වෙඩි තැබීමෙන් 39 හැවිරිදි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
තුවාල ලැබූ ඔහුගේ දියණිය තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර පුත්‍රයා ඇතුළත් කර ඇත්තේ, ඇඹිලිපිටිය රෝහලටයි.
6 හැවිරිදි දියණිය රෝහලේදී මියගොස් ඇත.
T 56 ගිනි අවියකින් වෙඩි තැබීම කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.