Connect with us

පුවත්

රනිල් හෙට අකිලගේ වේදිකාවෙන් ජනපති සටන අරඹයි

Published

on

“සැබෑව” තේමාව මුල් කර ගනිමින් සංවිධාන කෙරෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ සටනේ ප්‍රථම මහජන රැලිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී හෙට (10) පස්වරු 2ට පැවැත්වෙන බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගී වන ප්‍රථම මහජන රැළිය මෙය බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බව කී කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂය ලෙස ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මෙම මහජන රැලිය සංවිධාන කරන බවයි.

නිර්පාක්ෂික අපේක්ෂකයෙක් ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම සඳහා ඉදිරියේදීත් විවිධ පාර්ශ්ව වෙතින් මහජන රැලි සංවිධාන කෙරෙනු ඇති බව කී කාරියවසම් මහතා අවසානයේ සියලු බලවේග එක්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කෙරෙනු ඇති බවද සඳහන් කළේය.

කුලියාපිටියේ පැවැත්වෙන “සැබෑව”මහජන රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක, අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහත්වරුද සහභාගී වීමට නියමිතය.

මූලාශ්‍රය – සිළුමිණ

පුවත්

වෙසක් වෙනුවෙන් බඩු මිල පහලට

Published

on

By

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

Continue Reading

පුවත්

“ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්නය ගැන බලන්න”

Published

on

By

ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳුවේ නැතොත් ඔවුන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බව පවසා ඇතැයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත නොවීම, අනන්‍ය වැටුප් නොලැබීම මෙන්ම රාජකාරී සදහා අයුතු බලපෑම් එල්ලවීම ආදී ගැටලු ග්‍රාම නිලධාරීන්ට මතුව තිබෙන්නේ යැයිද පසුගිය දිනවල ඔවුන් රාජකාරී නිවාඩු සහ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ යැයිද දිසානායක මහතා කීය.

ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියෝජිතයා වන ග්‍රාම නිලධාරී සේවය පැය අටකට සීමා වන්නේ නැතැයි ද ඔවුන්ගේ වෘත්තීය ගැටලු දිගු කාලයක් තිස්සේ විසඳී නැතැයි ද දිසානායක මහතා පැවසීය.

Continue Reading

පුවත්

ධීවරයින්ට හදිසි දැනුම්දීමක්

Published

on

By

අද (22)  දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ බව පැවසීය.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී දැඩි වර්ශාපතනයත් දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාර්තාවීමත් සමග එම දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

එසේම මේ වනවිට රැකියාවේ නිරතව සිටින බහුදින ධීවර යාත්‍රා වෙත ද ආරක්‍ෂිත ප්‍රදේශ හරහා ගමන්කරන ලෙසට දැනුම්දී ඇති බව එහි අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved