Connect with us

පුවත්

රාජ්‍ය ආයතන සතු ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය එළියට

Published

on

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දැනුම් දී තිබේ.

චක්‍රලේඛයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ බව අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සියළු රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන බවයි සඳහන්ය..

මෙලෙස වෙන්දේසි කරනු ලබන රථවාහන කිසිදු රාජ්‍ය ආයතනයක් මිලදී ගැනීම සිදු නොකළ යුතු බවද එම චක්‍රලේඛය මගින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දී තිබේ.

පුවත්

දුඹුරු සීනි මිල පහළට

Published

on

By

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සාතොස ආයතනය දුඹුරු සීනි මිල පහල දැමීමට තීරණය කර ඇත.

එම මිල ගණන් පහත පරිදි වේ.

Continue Reading

පුවත්

සංචාරකයින්ට විල්පත්තුව වැසෙයි

Published

on

By

මේ දිනවල ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග ජලාශ වල ජල මට්ට ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන් එළුවන්කුලමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන පිවිසුම් දොරටුව සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ එළුවන්කුලම පිවිසුම් දොරටුව භාර වනජීවි ඒකකය සදහන් කරයි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔය ඔස්සේ ඝණ අඩි 6000ක පමණ ගලා බසින ජල ධාරිතාව විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම කලාඔය සපත්තු පාලම මැදින් ගලා යාම හේතුවෙන් එම ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී ආකාරයක් දක්නට ලැබේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන එළුවන්කුලම පිවිසුම් දොරටුව දෙස් විදස් සංචාරකයින්ට සම්පූර්ණයෙන්ම වසා ඇති බව වනජීවි නිළධාරින් දැනුම් දෙයි.

ඒ අනුව දින කිහිපයක් පුරාවට ජලය පැවතීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු සංචාරකයින්ට විල්පත්තුව නැරඹිමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බව ඔවුන් පවසා සිටියි.

ලංකාවට ඩොලර් උපයන ප්‍රධාන මර්මස්ථානයක් ලෙස හැදින්වෙන විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් 200ට ආසන්න ප්‍රමාණයක් නිරායාසයෙන්ම පැමිණෙන බව සඳහන්ය.

නමුත් මේ දිනවල පවතින අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් සංචාරකයින්ට උද්‍යානය නැරඹීමට නොහැකිව යාම හේතුවෙන් සෆාරි ජීප් රථ හිමියන් විශාල පිරිසක්ද දැඩි ලෙස පීඩාවට ලක්ව ඇත.

මෙම උද්‍යානය නැරඹීම සදහා පැමිණෙන එක් විදෙස් සංචාරකයෙකුගෙන් ඇමරිකන් ඩොලර් 25 සහ එයට අදාල බදු වශයෙන් තවත් ඩොලර් 10ක මුදලක් ලබා ගැනීම සිදු කරන අතර, මේ හේතුව නිසාවෙන් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඩොලර් පොම්ප කරන ස්ථානයක් බවට උද්‍යානය පත්ව තිබෙන බව පැවසේ.

කලා ඔයේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මේ දිනවල උද්‍යාන ආදායම පාඩු ලබමින් තිබෙන බව වන ජීවි නිළධාරින් පෙන්වා දෙයි.

Continue Reading

පුවත්

වැස්ස වැඩිවේ

Published

on

By

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (18) සිට වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තුමේන්තුව දැනුම්දෙන්නේ ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඉන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි‍.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

තවද, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved