Connect with us

කැබිනට් තීරණ

රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් ගැන තීරණයක්

Published

on

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ් අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 4 සහ විශේෂ වියදම් ඒ්කක 2ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීමට නිර්දේශ කර ඇත.

ඒ් අනුව අදාළ වාර්තා මඟින් නිර්දේශීත බඳවා ගැනීමට සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ

දරුවන්ට දඬුවම් කිරීම වැළැක්වීමට පනත් කෙටුම්පතක්

Published

on

By

දරුවන්ට එරෙහිව සිදුවන ශාරීරික දඬුවම් නීතිමය වශයෙන් තහනම් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම්  සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අරමුණින් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්,  දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, අදාළ කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව කටයුතු කිරීමට හැකි වී නැත.

ඒ අනුව, එම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ඇති අතර, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

පෙරේදා (09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි 11 ප.ව.12.12 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (11) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

Continue Reading

කැබිනට් තීරණ

ඌරන්ට කාර්ය සාධක බලකායක්

Published

on

By

අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නඟාසිටුවීමට කාර්ය සාධක බළකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2024 ඔක්තෝබර් මාසයේ දී අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් ලෙස අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර පසුව එය සෙසු පළාත්වලට ව්‍යාප්ත වුණි.

මෙම රෝගය හේතුවෙන් ආසාදිත ගොවිපොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතී.

මේ වනවිට වාර්තා වී ඇති දත්ත අනුව සූකර ගොවිපොළ 1,594ක රෝගය වාර්තා වී ඇති අතර, ඌරන් 61,695ක් මරණයට පත්ව ඇත.

එමෙන්ම මෙම රෝගය වනාන්තර ආශ්‍රිත වල් ඌරන්ට ද ආසාදනය වී වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

මේ වනවිටත් රෝගයේ ව්‍යාප්තිය හා රෝග කාරක වෛරස පරිසරය තුළ සංසරණය වීම හා රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු නොමැති වීම හේතුවෙන් සූකර ගොවිපොළ නැවත ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයට පත්ව ඇතැයි රජය සඳහන් කරයි.

එබැවින් සූකර කර්මාන්තය යළි නඟාසිටුවීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිලේක ලේකම්ගේ සම සභාපතීත්වයෙන් යුතුව සහ අදාළ අනෙකුත් පාර්ශවයන්ගේ නියෝජනයෙන් සමන්විතව කාර්ය සාධක බළකායක් පත්කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved