Connect with us

පුවත්

රාජාංගනේ හිමියන් ගැන අධිකරණයෙන් නියෝගයක්

Published

on

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන ඇප කොන්දේසි මත මුදාහැරුණු රාජාංගනය සද්ධාරතන හිමියන් අදාළ ඇප කොන්දේසි කඩ කර ඇතිද යන්න සම්බන්ධයෙන්  අධිකරණයට වාර්තාවක් ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (18) නියෝග කර තිබේ.

සැකකාර හිමිනම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරන ලදී.

සැකකාර හිමියන්ට එලෙස කටයුතු නොකරන ලෙස තරයේ අවවාද කරමින් මුදා හරින ලද බවත් එම ඇප කොන්දේසි කඩ කර ඇති බවත් නීතිඥවරයා සීඩී පට ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා තිබේ.

ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බව පවසමින් 2023 වසරේ මැයි 29 දින පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගැනුණි.

පුවත්

ඔට්ටු පොළොවල්වලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දාර පොලු!

Published

on

By

සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මෙම මධ්‍යස්ථානවල මාසික දළ එකතුව මත ගෙවිය යුතු බදු සහ ප්‍රමාදවී සිදුකළ එම බදු ගෙවීම්වලට අදාළ දඩ මුදල් වශයෙන් 2014 සිට මේ දක්වා මෙම හිගබදු මුදල් ප්‍රමාණය අයවිය යුතුව පවතින බව බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මෙම හිගබදු මුදල් සඳහා බදුකරුවන් අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විගණනය වෙත පිළිතුරු ලබා දී ඇත.

කඩිනමින් මෙම හිග මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස විගණන කාර්යාලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබාදී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණන කාර්යාලය 2023 වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

තද වැසි ගැන කාලගුණයෙන් රතු නිවේදන; වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීම්

Published

on

By

තද වැසි පිළිබඳව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ පවතින ඊසාන දිග මෝසම් තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙනි.

උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මන්නාරම, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 150 ට වැඩි වැසි ඇති වන බව කාර්යේ නියුතු කාළගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා කියා සිටී.

මේ අතර, මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහළ ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් පහල ධාරා ප්‍රදේශයේ තන්තිරිමලේ සිට පහළ ප්‍රදේශවල ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල පිහිටි වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවය.

මේ හේතුවෙන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Continue Reading

පුවත්

මන්නාරම ඝාතනය මෙහෙයවූ අයට රතු නිවේදන; වෙඩි තැබූ අය අල්ලන්න මහජන සහය පතයි

Published

on

By

මන්නාරම ද්විත්ව ඝාතන සිද්ධිය මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබේ.

එම සැකකරු විදෙස්ගතව සිටිමින් මෙම අපරාධය මෙහෙයවා ඇති බව වැඩබලන පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටී.

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පසුගිය 16 වැනිදා සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියේ ය.

තවත් දෙදෙනෙකු තුවාල ලැබූ අතර වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ, නඩු කටයුත්තකට සහභාගි වීම සඳහා පැමිණි පිරිසකි.

මේ අතර, මේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතා ඇත.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර තිබිණි.

පොලීසිය පැවසුවේ, මෙම වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීමට හැකි වුවහොත් 0718591363 හෝ 0232223224 යන අංකවලට දැනුම්දෙන ලෙසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved