Connect with us

පුවත්

රැකියාවට මීටරේ කියවා; අසහනයට කතුන්ගේ ලප බැලූ මනුකියවන්නා

Published

on

ගුවන් සේවිකාවන් බඳවා ගන්නා ආයතනයක් මුවාවෙන් අන්තර්ජාලයෙන් සම්මුඛ පරීක්ෂණ පවත්වා සුරූපී තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ලිංගික අල්ලස් ගැනීමට තැත් කළ අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හඟුරන්කෙත පදිංචි ජලසම්පාදන මණ්ඩලයේ මනු කියවන්නෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය වෙත මාතලේ හා මහනුවර පදිංචි සිද්ධියට මුහුණ පෑ තරුණියන් දෙදෙනකුගෙන් ලද පැමිණිලි මත කළ විමර්ශනයකදී සැකකරු කොටු කරගෙන ඇත.

මහනුවර පිහිටි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා චතුරි දිසානායක ඇතුළු කණ්ඩායමක් සැකකරු සමග මෙම ජාවාරමට යොදාගත් ජංගම දුරකථන හතරක්, සිම් කාඩ්පත් 13 ක් හා පරිගණකයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී පරිගණක තුළ තිබී තරුණියන් විසිදෙනකුට වැඩි ගණනකගේ නිරුවත් ඡායාරූපද සොයාගෙන තිබේ.

මොහු කාන්තාවක ලෙස පෙනී සිටිමින් ‘රුවැත්තියන්ගේ ගැටලු’ නමින් වසර දෙකක පටන් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යමින් තරුණියන්ට රූපලාවණ්‍ය උපදෙස්, රැකියා අවස්ථා හා රඟපෑමේ අවස්ථා ලබාදෙන කණ්ඩායම් සම්බන්ධ කරදෙන බව හඟවා ඇත.

ඒ අතරේ ගුවන් සේවිකාවන් බඳවා ගන්නා බවට ෆේස්බුක් පෝස්ටුවක් එම ගිණුමේ පළකර තරුණියකගේ නමක් හා අංකයක් යොදා තිබී ඇත.

කෙටි පණිවුඩ මගින් අයැදුම්පත් කැඳවා සුදුසුකම් පරීක්ෂාව සඳහා ආයතනය ප්‍රධානියා හා සම්බන්ධ වන ලෙස තව අංකයක් තරුණිය ලෙස පෙනී සිටින අංකයෙන් එස්.එම්.එස්. යවා ඇත.

ඒ අනුව ආයතන ප්‍රධානියා ලෙස සැකකරු මූලික සුදුසුකම් සපුරා ඇති බවත් ඇඟිලි, නියපොතු, කකුල්, කොණ්ඩය හා මුහුණේ වෙන වෙනම ඡායාරූප එවන ලෙස දැනුම් දී ඇත. ඉන්පසුව සියලු ගනුදෙනු කෙටි පණිවුඩ මගින් කර තිබේ.

සිරුරේ කැළැල් ඇතිදැයි බැලීමට හා සිරුරේ ඡායාරූප බැලීමට තම නිලධාරිනිය වෙත නිරුවත් ඡායාරූප එවන ලෙස අවසන් වශයෙන් දැනුම් දී ඇත.

එම දැනුම් දීම අනුව තරුණියන් විශාල පිරිසක් ගුවන් සේවිකාවක් වීමේ අපේක්ෂාවෙන් මෙම අංකයට නිරුවත් ඡායාරූප එවා ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ.

එම ඡායාරූපවල සිටින තරුණියන් බිය වද්දවා ලිංගික අල්ලස් ගැනීමට ඉන්පසුව මොහු පියවර ගෙන ඇත.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සම්මුඛ පරික්ෂණය කරන තරුණිය ලෙසින් කෙටි පණිවුඩ යැවීමේ සිට සියලු දේ කර ඇත්තේ සැකකාර මනු කියවන්නා බවය.

මොහු වසර දෙකක් පමණ මෙම ෆේස්බුක් ගිණුම හරහා තරුණියන් රවටන ජාවාරම කර ඇති අතර මොහුගේ ග්‍රහණයට හසුවූ තරුණියන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved