Connect with us

පුවත්

“රැකියා නැති දොස්තරලා ලක්ෂ 5ක් ඉන්දියාවේ, එට්කා අත්සන් කලොත් ඒ අය මෙහේ” 

Published

on

අදටත් ඉන්දියාවේ රැකියා නැති වෛද්‍යවරු ලක්ෂ 5ක් සිටින බවත්, එට්කා ගිවිසුම අත්සන් කළොත් මේ සියලුදෙනාට සැනින් ලංකාවට ඇවිත් රැකියා කරන්න අවස්ථාව ලැබෙන බවත් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ගුරු මැදුරේදී ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

මුදලිගේ එහිදී මෙසේද කීය.

“ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාරය සහ එහිදී එළැඹ ඇති ඒකාබද්ධ ප්‍රකාශය ශ්‍රී ලංකාව ඉන්දියානු කොළනියක් බවට පත්වීමේ අවදානමක් ඇති කරලා.

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක වුණා නම් ලංකාව ඉන්දියානු කොළනියක් බවට පත්වීම වළක්වන්න බැහැ. ඒ වැඩපිළිවෙළට එරෙහිව රටක් විදිහට දක්වපු විරෝධයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට ආවේ. ඒ ජාතික ජන බලවේග ආණ්ඩුවට දැන් සදාචාරාත්මක වගකීමක් තියනවා රනිල්ගේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කරන්න. නමුත් අපිට පේන්නෙ ආණ්ඩුව රනිල්ගේ වැඩපිළිවෙළ පරාජය කරනව වෙනුවට ඒ වැඩපිළිවෙළම ඉදිරියට කරගෙන යන්න තමයි මේ සූදානම් වෙන්නෙ” යැයිද හෙතෙම කීවේය.

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේදී එරට අගමැති මෝදිගේ කතාවේදී පැහැදිලි වූයේ අනාගතයේදී එට්කා ගිවිසුම අත්සන් කිරීමේ සැලසුමක් තිබු බවද ඔහු සදහන් කළේය.

“රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව එක්ක අපි දිගින් දිගටම හැප්පුනේ ඉන්දියාව සමග කරන දේශපාලන ගණුදෙනුවල තිබුණු රටට අහිතකර ප්‍රතිවිපාක කලින් අපි දැක්ක නිසා. ජාතික ජන බලවේග ආණ්ඩුව පවා තමන්ගේ දේශපාලන වැඩපිළිවෙළ ඇතුලේ රනිල්ගේ මේ දේශපාලන ප්‍රතිපත්ති තදින් විවේචනය කළා. මෝදි අගමැති එක්ක ආණ්ඩුව සූදානම් වෙනවනම් එට්කා ගිවිසුම නැවත අත්සන් කරන්න අපි කියනවා ඒක ඉතාම භයානකයි. එට්කා ගිවිසුම යෝජනා කරනවා භාණ්ඩ වෙළෙඳාම ලිහිල් කරන්න. සේවා වෙළෙඳාම ලිහිල් කරන්න. අපි දන්නවා සේවා වෙළෙඳාම සම්බන්ධයෙන් දැනට පවතින නීති එක්ක ලංකාවට විදෙස් ශ්‍රමිකයන්ට ඕන ඕන විදිහට ඇවිත් රැකියා කරන්න පුළුවන් කමක් නෑ. දැන් ඉන්දියාව කියන්නෙ මෙන්න මේ නීති ලිහිල් කරන්න කියලා. අදටත් ඉන්දියාවෙ වෛද්‍යවරු ලක්ෂ 5ක් ඉන්නවා රස්සා නැතුව. එට්කා ගිවිසුම අත්සන් කරපු සැනින් මේ සියලු දෙනාට පුළුවන්කම ලැබෙනවා ලංකාවට ඇවිත් රැකියා කරන්න. අපිට ඉන්දියානු කම්කරුවා එක්ක ප්‍රශ්නයක් නෑ දුප්පත් ජනතාව එක්ක ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් කියන්නෙ දශක ගණනාවක් අරගල කරල දිනාගනිපු අයිතිවාසිකම්. වෙන රටකට ඒ අයිතිවාසිකම් පාවාදෙන්න පුළුවන් කමක් නෑ.”

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved