Connect with us

පුවත්

“රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුව ඔක්තෝම්බර් වන විට විසඳනවා”

Published

on

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳන බවත්, ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ ද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ නවීන තාක්‍ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබාදීම අපගේ ප්‍රධාන අරමුණ වනවා. ඒ වෙනුවෙන් දැනටමත් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

පවතින මෝටර් රථ පනත සංශෝධනය කර නව පනතක් ගෙන ඒමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වන වේග සීමා ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරමින් පවතිනවා. තවද රියදුරන් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නේ බීමත් රියදුරන් හඳුනා ගැනීම පමණයි. නමුත් මේ වසරේ සිට මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද රටපුරා ක්‍රියාවට නංවා තිබෙනවා. එහි මූලික අදියර බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කෙරුණා.

එමෙන්ම රිය අනතුරකදී අවශ්‍ය ප්‍රථමාධාර පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම සදහා වන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඉදිරියේදී රියදුරු බලපත්‍ර පරීක්ෂණයේදී ප්‍රථමාධාර සම්බන්ධ ප්‍රශ්න ඇතුළත් කිරීමටද සැලසුම් කර තිබෙනවා.

අප රටේ වාහන මිලියන 8.9ක් පමණ භාවිත වෙනවා. එලෙසම රියදුරන් ලක්ෂ 85ක් පමණ රියදුරු බලපත්‍රය ලබාගෙන තිබෙනවා. රියදුරු බලපත්‍ර නිකුත් කරන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා.

ඒ වගේම විදේශිකයින්ට අවශ්‍ය රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසය වන විට ගුවන්තොටුපලේදීම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එසේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසඳනවා. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

පළමු විභාග කොමසාරිස්වරිය වැඩ භාරගනී

Published

on

By

මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (15) වැඩ භාර ගත්තාය.

මෙරට එකොළොස් (11) වන විභාග කොමසාරිස් ජනරාල් ධුරයට ඇය මෙසේ පත්ව සිටින්නීය.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාවෙන් අති නවීන න්‍යෂ්ටික හඳුනාගැනීමේ උපකරණ පද්ධතියක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බල ප්‍රදේශය තුල න්‍යෂ්ටික, විකිරණශීලී සහ රසායනික තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1 (රුපියල් මිලියන 299) ක් වටිනා අති නවීන විකිරණ සහ රසායනික හඳුනාගැනීමේ උපකරණ ලබා දෙන ලදී.

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය (DOE/NNSA) සහ එහි න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය (NSDD) හරහා සපයන ලද මෙම අති නවීන උපකරණ, මැයි 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාර දෙන ලදී

මෙම උත්සවයට එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතාද සහභාගී වූහ.

මෙම උපකරණ මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්දියානු සාගරයේ සංචාරය කිරීම්,ගොඩබෑම්,සෝදිසි කිරීම්,වැටලීම් (VBSS) සම්බන්ධ මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව වැඩි දියුණු කරන අතර, අන්තරායකර රසායනික, විකිරණශීලී සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා අවහිර කිරීමේ හැකියාව ශක්තිමත් කරමින්, ජාතියේ වරායන් සහ සමුද්‍රීය මාර්ග ආරක්ෂා කරයි.

2024 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ DOE/NNSA අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීමෙන් පසු සිදු කරන ලද පළමු ප්‍රධාන පියවර වන්නේ මෙම උපකරණ ලබාදීමයි.

න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි.

මෙම ප්‍රදානයට අමතරව, පසුගිය මාර්තු මාසයේදී, එක්සත් ජනපද තානාපති කාර්යාලය, DOE/NNSA හරහා, කොළඹ වරායේ බටහිර බහාලුම්  පර්යන්තයේදී ඩොලර් 500,000 ක් වටිනා නව විකිරණ හඳුනාගැනීමේ උපකරණ පරිත්‍යාග කළ අතර, එමඟින් විකිරණශීලී ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ ගෝලීය සැපයුම් දාම සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රේගුවට ඇති හැකියාව තවදුරටත් වැඩි දියුණු කරනලදී.

Continue Reading

පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved