Connect with us

පුවත්

රිළවු චීනයේ යවන්න ඒකගවූ කැබිනට්ටුව උසාවි  කැඳවයි

Published

on

ශ්‍රී ලංකාවේ සිටින රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සමක් සම්බන්ධයෙන් මේ මස 19 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් ඊයේ (11) අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වග උත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකා වන සත්ත්ව හා පරිසර ආරක්ෂක සංගමය, මාතර ආනන්ද සාගර හිමි, ඔටාරා ගුණවර්ධන, රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශ්වකරුවන් 27 දෙනකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් මෙම නොතීසි නිකුත් කිරීම සිදු කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙරට සිටින රිළව් ලක්ෂයක් පරීක්ෂණ කටයුත්තක් සඳහා චීන සමාගමක් වෙත යැවීමට වගඋත්තරකරුවන් තීරණය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අධිකරණයට දන්වා සිටියේය.

එම නිසා මෙරට රිළවුන් ඕනෑම මොහොතක චීනයට අපනයනය කිරීමේ අවදානමක් මතුවී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම ක්‍රියාව තුළින් මෙරට පරිසර පද්ධතියට දැඩි අගතියක් සිදු වන අතර විශාල සත්ත්ව හිංසනයක් සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම ක්‍රියාව තුළින් සත්ත්ව හිංසා පනත මෙන්ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් සඳහන් කළේය.

එබැවින් වහාම අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළේය.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රිළව් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවයි.

එම තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, රිළවුන් අපනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම වැළැක්වීමේ ආඥාවක් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

සබැඳි පුවත්

ආණ්ඩුවේ මන්ත්‍රී රැස්වීමේදී රිළවු චීනයේ යවනවාට වීරසිංහ විරුද්ධ වෙලා! 

චීනෙට රිලව් දෙන්නේ නොමිලේ; අල්ලන්නේ චීන සමාගමක් 

චීනයට රිලව් යවනවට පරිසරවේදීන් අකමැති වෙයි! (වීඩියෝ) 

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved