Connect with us

පුවත්

රුසියානු හමුදාවේ සිටි ලංකාවේ හමුදා සාමාජිකයෙක් මරුට

Published

on

රුසියානු – යුක්රේන් යුද්ධයේ රුසියානු හමුදාවට එක්වී ඉදිරි ආරක්ෂක පෙරමුණක සටන් වැදීම සඳහා ගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයකු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

නිපුණ සිල්වා නමැති රුසියානු හමුදා සේවයට එක්වූ මෙම යුද හමුදා සෙබළා මරණයට පත්ව ඇත්තේ ඉදිරි ආරක්ෂක වළල්ලේ බංකර වෙත යුක්රේන් හමුදා ඩ්‍රෝන යානාවලින් එල්ල කළ ප්‍රහාරයකිනි.

බංකරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු සහායට සිටි සේන බණ්ඩාර නමැති ශ්‍රී ලාංකික සෙබළා විසින් නිපුණ සිල්වා තුවාල මැද රැගෙන පසුබසිද්දී එල්ල වූ තවත් ඩ්‍රෝන ප්‍රහාරයකින් නිපුන මියගොස් ඇති බව පැවසේ.

මසකට ඇමරිකානු ඩොලර් තුන්දහසක වැටුපක් ගෙවන බව කියා සංචාරක වීසා මගින් මෙරට හමුදාවලින් සේවයෙන් ඉවත් වූ භටයන් හා නිලධාරීන් ඉන්දියාවට හා ඩුබායි වෙත රැගෙන ගොස් පෝලන්තය ඔස්සේ රුසියාවට රැගෙන යන බව හෙළිවී තිබිණි.

මීට පෙර මේ අයුරින්ම රුසියානු – යුක්රේන් යුද්ධයට එක්වීමට යුක්රේන් හමුදාවට එක්වූ කපිතාන් රතීෂ් හේවගේ ඇතුළු තිදෙනකු පසුගිය වසරේ රුසියානු ප්‍රහාරයකින් මරණයට පත්විය.

රොඩ්නි ජයසිංහ හා එම්. ප්‍රියන්ත යන දෙදෙනාගේ මළසිරුරු සටන් භූමියෙන් රැගෙන ඒම අපහසු වූ අතර කපිතාන් රතීෂ්ට යුක්රේනයේදී හමුදා ගෞරව මැද අවසන් කටයුතු සිදු කෙරිණි.

නිපුණ සිල්වා ජනවාරි මාසයේදී රුසියානු හමුදාවට එක්වී ඇත.

සබැඳි පුවත් :
යුක්රේන යුද්ධයට ගිය ලංකා හමුදාවේ 3ක් මරුට;  ‘කපිතාන් ඩෙන්ටිස්ට්’ ඒ අතර

පුවත්

රාජ්‍ය සේවක වැටුප් සංශෝධන චක්‍රලේඛය නිකුත් වෙයි

Published

on

By

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවක වැටුප් සංශෝධන ඇතුළත් චක්‍රලේකය නිකුත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය අද (25) දිනයේ නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය පහතින්,

Continue Reading

පුවත්

හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ්

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට එම කොමිසම විසින් පියවර ගෙන ඇත.

එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එළැඹෙන 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දේශබන්දුට එරෙහිව දූෂණ චෝදනා 27ක් (UPDATE)

Published

on

By

බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා කථානායකවරයා වෙත භාරදුන් යෝජනාවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් එල්ලකර තිබේ.

මන්ත්‍රීවරු 115 දෙනෙකු අත්සන් තබන ලද එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාරදී තිබුණි.

අදාළ දූෂණ චෝදනා 27 පහතින් දැක්වෙයි,

(පෙර පුවත 2025 මාර්තු 25 ප.ව.1.28)

දේශබන්දු ධුරයෙන් ඉවත් කරන ආණ්ඩුවේ යෝජනාව කථානායක වෙත

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේග මන්ත්‍රීවරු අත්සන් තබා තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරු 115 දෙනෙකු අදාළ යෝජනාවට අත්සන් තබා ඇති අතර, එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාර දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved