Connect with us

පුවත්

රූපවාහිනියේ කරන්ට් කපලා!

Published

on

ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70කට වැඩි විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම ඊයේ (17) දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබිණි.

ජාතික රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධිවීමත් සමග ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මහත් ගැටළු සහගත තත්ත්යක් මතුව තිබූ බව පැවසේ.

පසුව එහි බලධාරීන් විදුලි ජනක ආධාරයෙන් විකාශ නැවත යථා තත්ත්වයට පත්කර තිබිණි.

ජාතික රූපවාහිනිය සංස්ථාව මාස ගණනාවක් තිස්සේ විදුලිය බිල්පත් ගෙවීම පැහැරහැර තිබූ අතර රුපියල් ලක්ෂ 90ක පමණ හිඟ බිල්පත් ගෙවීමට නියමිතව තිබිණ.

කෙසේවුවද පසුගිය සිකුරාදා රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් ගෙවා තිබූ බව ද පැවැසේ .

පැය කිහිපයක් ඇතුලත දී යළි විදුලිය යථාතත්වයට පත්කර ගෙන ඇත්තේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා ජාතික රුපවාහිනියේ බලධාරීන් අතර දීර්ඝ සාකච්ජාවකින් පසු අද දිනය තුලදී තවත් රුපියල් ලක්ෂ 15 ගෙවා දැමීමේ පොරොන්දුව මතය.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාවෙන් අති නවීන න්‍යෂ්ටික හඳුනාගැනීමේ උපකරණ පද්ධතියක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බල ප්‍රදේශය තුල න්‍යෂ්ටික, විකිරණශීලී සහ රසායනික තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1 (රුපියල් මිලියන 299) ක් වටිනා අති නවීන විකිරණ සහ රසායනික හඳුනාගැනීමේ උපකරණ ලබා දෙන ලදී.

එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය (DOE/NNSA) සහ එහි න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය (NSDD) හරහා සපයන ලද මෙම අති නවීන උපකරණ, මැයි 15 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී නිල වශයෙන් භාර දෙන ලදී

මෙම උත්සවයට එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතාද සහභාගී වූහ.

මෙම උපකරණ මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉන්දියානු සාගරයේ සංචාරය කිරීම්,ගොඩබෑම්,සෝදිසි කිරීම්,වැටලීම් (VBSS) සම්බන්ධ මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව වැඩි දියුණු කරන අතර, අන්තරායකර රසායනික, විකිරණශීලී සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා අවහිර කිරීමේ හැකියාව ශක්තිමත් කරමින්, ජාතියේ වරායන් සහ සමුද්‍රීය මාර්ග ආරක්ෂා කරයි.

2024 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව සහ DOE/NNSA අතර අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීමෙන් පසු සිදු කරන ලද පළමු ප්‍රධාන පියවර වන්නේ මෙම උපකරණ ලබාදීමයි.

න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීම හඳුනා ගැනීම සහ වැළැක්වීම සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි.

මෙම ප්‍රදානයට අමතරව, පසුගිය මාර්තු මාසයේදී, එක්සත් ජනපද තානාපති කාර්යාලය, DOE/NNSA හරහා, කොළඹ වරායේ බටහිර බහාලුම්  පර්යන්තයේදී ඩොලර් 500,000 ක් වටිනා නව විකිරණ හඳුනාගැනීමේ උපකරණ පරිත්‍යාග කළ අතර, එමඟින් විකිරණශීලී ද්‍රව්‍ය හඳුනා ගැනීමට සහ ගෝලීය සැපයුම් දාම සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රේගුවට ඇති හැකියාව තවදුරටත් වැඩි දියුණු කරනලදී.

Continue Reading

පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved