ජාතික රූපවාහිනිය භූමියෙන් පර්චස් 80 ක් අවුරුදු 30 ක බදු ඔප්පුවකට විකිනීම සඳහා එහි සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් විසින් සැලසුම් කොට ඇතැයි වාර්තා වේ.
මේ සඳහා මැනීම් කටයුතු සිකුරාදා (22) සිදු කොට තිබේ.
එය සිදුකර ඇත්තේ සියලුම වෘත්තීය සමිති නිලධාරීන් රැස්වීමකට යයි කියා සභාපතිවරයා තම කාර්‍යාලයට කැඳවා තිබියදීය.
මෙම ඉඩම රුපියල් මිලියන 1100 කට පෞද්ගලික සරසවියකට විකුණා දැමීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මේ වන විට පාඩු ලබමින් පවත්වාගෙන යන ජාතික රූපවාහිනිය දැනට රුපියල් මිලියන 1000 කට වඩා ණය වී ඇතැයි සේවකයෝ පවසති.
මේ අතර, ජාතික රූපවාහිනය තුළ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය පසුගාමීව කටයුතු කරන බවට ද සේවකයන්ගෙන් චෝදනා එල්ලවෙමින් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මීට පෙර රූපවාහිනියේ සභාපතිවරයකුව සිටි සොනාල ගුණවර්ධන නැමැත්තා රූපවාහිනියේ යූටියුබ් ආදායම දිලිත් ජයවීර මහතාට අයත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන දෙරණේ ඩිජිටල් ක්‍රියාකාරිත්වය මෙහෙයවන “අයිඩියාහෙල් (IdeaHell)” නැමැති ආයතයට ලබාදීමෙන් පසුව අඩකින් පමණ අඩුවී ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, මීට පෙර සෘජුවම රූපවාහිනියට ලැබුණ යූටියුබ් ආදායම දැන් ලැබෙන්නේ “අයිඩියාහෙල් (IdeaHell)” නැමැති ආයතනයට බවද පැවසේ.
ඩොලරය වැඩිවීමෙනෙත් පසුව මෙසේ ආදායම් අඩුවීමට හේතුව සම්බන්ධයෙන් රූපවාහිනියේ වත්මන් සභාපතිවරයා හෝ එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙතෙක් සොයා බලා නැතැයිද වාර්තා වේ.
මේ අතර, ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වූයේ “අයිඩියාහෙල් (IdeaHell)” ආයතනයෙන් රූපවාහිනියට ලැබිය යුතු මුදල් ලබා ගැනීමද මේවන විට ඉතා අසීරු වී ඇති බවයි.
එසේම, රූපවාහිනී සංස්ථාවේ යූටියුබ් නාලිකා කළමනාකරණය කිරීම සඳහා ගිවිසුම්ගතව සිටි විශ්මිත එන්ටප්‍රයිස් ආයතනය ඉන් ඉවත්කර සභාපතිවරයා හිතුමතේ මිත්‍ර සමාගමක් වන “අයිඩියාහෙල් (IdeaHell)” වෙත පැවරීමට එරෙහිව මේවන විට අභියාචනාධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතී.
සබැඳි පුවත්
YouTube දෙරණට දුන්නට රූපවාහිනියට, සභාපතිට අතුරු තහනම් නියෝගයක්
රූපවාහිනියේ ඩිජිටල් ආදායම දෙරණට දී පඩි ගෙවන්න ට්‍රෙෂරියෙන් සල්ලි ඉල්ලයි
සොනාල බිස්නස් අරඹයි: රූපවාහිනියේ යු ටියුබ් දෙරණට
කට්ටිය අල්ලන් පුටුව බේරගත් සොනාල රූපවාහිනියම අමාරුවේදායි!