Connect with us

පුවත්

රේගුවට ගිය වසරේ වාර්තාගත ආදායමක්

Published

on

ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබේ.

එය ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම බව වාර්තා වේ.

ඒ අනුව, රජය විසින් 2024 වසරේදී රේගුව සඳහා ලබා දී තිබූ රුපියල් ට්‍රිලියන 1.533ක ආදායම් ඉලක්කය ආසන්නය දක්වා පැමිණීමට එම දෙපාර්තුමේන්තුව සමත්ව තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසන්නේ, රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළ යාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදුකරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ශම කිරීම මේ සඳහා බලපා ඇති බවය.

පුවත්

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක් (UPDATE)

Published

on

By

ලිට්‍රෝ ගෑස් කෙරවළපිටිය පිරවුම් සංකීර්ණයේ මෑන්පවර් සේවක  කණ්ඩායමක් අතර අද (14) ඇතිවූ සේවක ඉල්ලීම් සම්බන්ධ නොසන්සුන්තාව මේ වනවිට සමථයකට පත්ව තිබේ.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් පිරවීමට හෝ බෙදාහැරීමට කිසිදු ආකාරයේ බලපෑමක් සිදුනොවන බවත්, සේවාවන් සාමාන්‍ය ලෙස සිදුවන බවත් නිවේදනයක් නිකුත්කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම දන්වා සිටියි.

වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවත්, රජය විසින් නියමකළ අවම වැටුප හෝ ලබානොදුන් බවටත් චෝදනා කරමින් 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.

එහිදී ඔවුන් විසින් වැඩිදුරටත් පවසා සිටියේ, රජය විසින් නියමකළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බවය.


(පෙර පුවත 2025 මැයි 14 ප.ව.12.46 )

ලිට්‍රෝ සේවක වර්ජනක්

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්

Published

on

By

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 38ක් හඳුනා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, මැයි මාසයේ මේ දක්වා රෝගීන් 2,200ක් හඳුනාගෙන ඇති බවයි.

මේ අතරින් රෝගීන්ගෙන් 47% ක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,000ක් පමණ හඳුනා ගෙන ඇති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඩෙංගු හා චිකුන් ගුන්යා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් ඇති බවය.

මෙම රෝග දෙකේම වාහකයා එකම මදුරුවෙකි.

ඩෙංගු මදුරු මර්දනය සඳහා ලබන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වෛද්‍ය සදත් සමරවීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්ක 15ක එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

Continue Reading

පුවත්

Aqua, Prius ආනයනය නවතා දමයි

Published

on

By

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර වූ ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා (Aqua)  සහ ප්‍රියස් (Prius) මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල අධික ඉහළ යාම නිසා ආනයනකරුවන් විසින් එම මාදිලි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉහළ බදු අනුපාත හේතුවෙන්  මධ්‍යම පාන්තික ග්නුම්කරුවන්ගේ  වාහන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එසේ නමුත්  වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved