Connect with us

පුවත්

රොනීගේ අවමගුලට අගමැති දමාගෙන ගිය ගුවන්යානේ මාතර තානායමට අලාභ කරලා

Published

on

රොනී ද මැල් මහතාගේ අවමගුලට සහභාගිවීමට අගමැතිවරයා රැගෙනගිය ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට  දැඩි අලාභ හානි සිදුව ඇතැයි වාර්තා වේ.

විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බව මාතර තානායමේ කලමණාකරු පැවසීය.

කෙසේ වෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්, දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිගන්වලට ද වැලි, දූවිලි හා කුණු රොඩු වැටී තිබු අතර එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබුණි. දැඩි බියට ද ඔවුන් පත්ව තිබුණේය.

ඊට අමතරව මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල විසි කර දැමීමට සිදු වූ බවද පැවසේ.

සිද්ධියෙන් පිගන් කෝප්ප ද කුඩු වී, බාර් එකේ වහල ගැලවී, රෙස්ටොරන්ට් එකේ උලු කැට ගැලවී ගොස් ඇතැයි වාර්තා වේ.

නිසි ආකාරයට ගුවන් යානය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කළ බව පැවසේ.

පසුව, අපහසුතාවයට පත්වු විදේශිකයින් ඇතුළු පිරිසට ඇණවුම් කල කෑම වෙනුවට ක්ෂණිකව ෆයිඩ් රයිස් සාදා නැවත පිලි ගැන්වීමට මාතර තානායමේ කලමණාකාරීත්වය කටයුතු කළ බවද වාර්තා වේ.

සිද්ධියෙන් ඒ ආසන්නයේ කොට්ටම්බා ගසක අත්තක් ද බිමට කඩා වැටී ඇත.

අවමංගල්‍යය උත්සවය අවසන් වී ප්‍රභූන් පැමිණීමට නියමිතව තිබු නිසා කාර්ය මණ්ඩලය යොදවා ඉතා ඉක්මණින් මාතර තානායම පිරිසිදු කිරීමට ද කටයුතු කර ඇත.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගුවන් යානයේ සිට ආරක්ෂාකාරීව ගොඩ බැස්සවීමෙන් පසු අවමංගල්‍ය උත්සවය වෙත කැදවා ගිය බවද පැවසේ.

මෙම සිද්ධියෙන් මාතර තානායමට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පැමිණි බවද වාර්තා වේ.

ජායාරූප – Accident 1st

පුවත්

ඩෑන් ප්‍රියසාද්ට ඇප

Published

on

By

සිය ඥාතියකු සමග ඇතිකරගත් දේපල ආරවුලකට අදාලව අධිකරණය හමුවේ පැවති නඩුවක පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ඩෑන් ප්‍රියසාද් ණමැත්තා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (13) නියෝග කළේය.

කොළඹ ප්‍රදේශයේ දේපලක් සම්බන්ධයෙන් සැකකාර ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඔහුගේ ඥාතියකු සමග එසේ ආරවුලක් ඇතිකරගෙන තිබී ඇති බවත් පසුව සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වෙත ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා ඇති බවද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

එසේ කැඳවා තිබූ නඩු වාරයක් සඳහා සැකකාර ඩෑන් ප්‍රියසාද් නමැත්තා පෙනී නොසිටීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණි.

වරෙන්තු මත සිටි සැකකාර පුද්ගලයා වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව එසේ ඇප මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වෙනත් නඩුවක් සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර බන්ධනාගාර නිලධාරීන් මගින් ඔහුව අද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

සබැඳි පුවත්:

ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට





Continue Reading

පුවත්

සුජීවගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර

Published

on

By

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.

ඒ, තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී ආකාරයට සිදු කරන පරීක්ෂණවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙනි.

දීර්ඝ කරුණු සලකාබැලීමකින් පසුව කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (13) මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඇතුළු 18 දෙනකු නම් කර තිබුණි.

විරෝධතා තිබේ නම් ඒවා අද දින සිට සති 6ක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එම වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබේ.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වීමටද අධිකරණය නියෝග කර ඇත.

පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සම්බන්ධයෙන් වැරදි කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම සේවාදායකයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව සඳහන් කළේය.

නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණද එම වාහනය 2022 වසරේ ලියාපදිංචි කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් පසුව ගරාජ් අංකයක් යටතේ එම වාහනය භාවිත කළ බවට පැමිණිල්ල මගින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පදනම් විරහිත බව පෙන්වා දුන්නේය.

එම විමර්ශනයට පාදකවන පැමිණිල්ල විස්වසනීයත්වයෙන් තොර පදනම් විරහිත පැමිණිල්ලක් බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දී ඇත.

එහෙත් වලාන දූෂණ මර්දන ඒකකය මගින් මුලින්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කළ අතර එහිදී නීතිවිරෝධී ක්‍රියා කිසිවක් අනාවරණය නොවූ බවට එම විමර්ශන ඒකකය විසින් අධිකරණයට වාර්තා කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදී ඇත.

Continue Reading

පුවත්

මහින්ද රාජපක්ෂගේ විජේරාම නිලනිවසේ වතුර කපයි

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ.

ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බවද වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved