මෙරටට අවශ්‍ය අමාත්‍යාංශ 15කින් යුත් ඇමැති මණ්ඩලයක් පමණක් බව තම ආයතනය සිදුකළ අධ්‍යයනයකින් තහවුරු වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය ක්‍රමවත් විධායකයක් ඇති කිරීමේ පරමාර්ථයෙන් තාර්කික ආණ්ඩුවකට අච්චුවක් ඉදිරිපත් කර ඇති බවය.
අති විශේෂ ගැසට් පත්‍රයක ආකාරයෙන් සකසා ඇති මෙමගින් අමාත්‍යංශ 15කින් යුතු රාජ්‍ය ව්‍යහුයක් සංවිධානය කරන ආකාරය දක්වන බවත් මෙම ලේඛනය තුළ ක්‍රියාවට නැංවිය යුතු රාජකාරි, කාර්යයන් ආයතන සහ ගතයුතු පියවර ලැයිස්තු ගතකර ඇති බවත් ඔහු පැවැසුවේය.
නිශාන් ද මෙල් මේ බව පැවැසුවේ ඊයේ (09) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
වෙරිටේ රිසර්ච් ආයතනය මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ අමාත්‍යංශ 15කින් යුත් ඇමැති මණ්ඩලයක් පත්කර ගැනීම වෙනුවෙන් සකසා ඇති අධ්‍යයන වාර්තාව ජනමාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීමටය.
එහිදී වැඩිදුරත් අදහස් දක්වා සිටි ආචාර්ය නිශාන් ද මෙල් මෙසේ ද කියා සිටියේය.
”අපි ඊයේ සිට සියලුම දේශපාලන පක්ෂවලට අපේ මේ අධ්‍යයනය ලබාදීම ආරම්භ කළා. ගැළපෙන විෂයන් බෙදාවෙන් කරලා තමයි අමාත්‍යාංශ හදන්න ඕනේ. මෙතුවක් කලක් අපේ රටේ වුණේ නැත්තේ ඒක. හාත්පසින්ම වෙනස් විෂයන් ගොඩක් එකට එකතු කරලා අමාත්‍යාංශය හදනවා. ජනතාව ඒකෙන් අපහසුතාවයට පත්වෙනවා. උදාහරණයක් විදියට කියනවා නම් එක වතාවක් කෘෂිකර්මය, වාරිමාර්ග, පශු සම්පත් සංවර්ධනය සහ පොහොර යන විෂයන් විවිධ අමාත්‍යාංශවලට බෙදා වෙන් කරලා තිබුණා. සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු සඳහා එක් අමාත්‍යාංශයක් ද විදුලි සංදේශ, රැකියා සහ ක්‍රීඩා සඳහා එක අමාත්‍යාංශයක් ද වෙන් කරල තිබුණා. මේවා එකිනෙකට හොඳටම වෙනස් ආයතන.
මීට අමතරව ආණ්ඩුව කරන්නේ නිරන්තරයෙන් වෙනස්වීම්. දෙදාස් දහයේ ඉඳන් දෙදාස් විසිතුන දක්වා අමාත්‍යංශවල සංයුතිය ඒවාට අයත් ආයතන සහ ඒවාට පැවරෙන පනත් ඇතුළු සියල්ල අවම වශයෙන් ගැසට් පත්‍ර නැවත නැවත වෙනස් කරලා තියනවා. මේ සෑම ගැසට් පත්‍රයක්ම ප්‍රකාශයට පත්කර ඇත්තේ ආණ්ඩුවේ ව්‍යහුයට අදාළ වෙනස්කම් සිදුකිරීමේ අරමුණින්. මෙම විෂයන් මෑත කාලීනව ජනාධිපතිවරුන් යටතේ වැඩි වශයෙන් වෙනස් වෙලා තියනවා. එකම අමාත්‍යංශයට ඇමැතිවරු දෙතුන් දෙනෙක් ඉන්නවා. නමුත් වැඩේ හරියට වෙන්නෙත් නැහැ. අපි මේ සියල්ලම සලකල බලල අධ්‍යනය කරලා තමයි මෙම තාර්කික ව්‍යුහය හැදුවේ. මෙච්චර අමාත්‍යාංශ ඇමැතිලා රටට අවශ්‍ය නැහැ. අවශ්‍ය අමාත්‍යාංශ පහළොවයි ඇමැතිලා පහළොවයි.”