පුවත්

ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක්

Published

on

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක විදේශ විනිමය පහසුකමක් (cross-currency swap facility) ලබාදෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය වන ජාත්‍යන්තර ෆයිනෑන්ශල්‍ කෝපරේෂන් (IFC) පවසා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් IFCය පවසා ඇත්තේ මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පෞද්ගලික බැංකු 3ක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවයි.

මෙම මූල්‍යකරණය මගින් ආයෝජක ප්‍රජාව තුළ විශ්වාසය ඉහළ නංවා ගැනීමටත්, ශ්‍රී ලංකා ආර්ථිකයට සහාය වීමට ප්‍රාග්ධන ගලා එන මාර්ග ආකර්ෂණය කර ගැනීමටත් හැකි වනු ඇතැයි  අපේක්ෂා කරන බව IFC හි කලාපීය කලමනාකරුවෙකු ලෙස කටයුතු කරන ජූන් යන්ග් පාර්ක් මහතා පවසා ඇත.

අනාගතයේදී වෙනත් දිගු කාලීන අරමුදල් සහ උපදේශන සේවා සමඟ ගණුදෙනුකාර බැංකුවලට සහාය වීමට IFCය තවදුරටත් සැලසුම් කරමින් සිටින බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

(මූලාශ්‍රය : රොයිටර් පුවත් සේවය)

Trending

Exit mobile version