Connect with us

පුවත්

ලංකාවට දෙන ණය සහනය ගැන චීනය කියයි

Published

on

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පුළුල් ප්‍රයත්නයන් පිළිබඳව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය විස්තරාත්මකව හෙළිදරව් කර ඇත.
මේ පිළිබඳව ඊයේ (03) දින බෙයිජිං අගනුවර පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා – මාඕ නිංග් මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

2022 සහ 2023 වසරවලදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සහ පොලිය ගෙවීම අත්හිටුවමින් සහනයක් ලබාදීමට චීනය තීරණය කර ඇති බවත් ඇය පවසා ඇත.

මේ සම්බන්ධයෙන් චීනයේ එක්සිම් බැංකුව විසින් ශ්‍රී ලංකාවේ මුදල් හා ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට මූල්‍ය ආධාර ලේඛනයක් ලබා දෙමින්,  2022 සහ 2023 වසර තුළදී ගෙවිය යුතු ණය වෙනුවෙන් සේවා දිගුවක් ලබාදීමට සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බවත් ඇය පැහැදිලි කර ඇත.

“ඒ අනුව එම කාලසීමාවන් තුළ ශ්‍රී ලංකාවට බැංකු ණය සඳහා ගෙවිය යුතු මූලික හා පොලී ගෙවීමක් අවශ්‍ය වන්නේ නැහැ. එය ශ්‍රී ලංකාවේ කෙටි කාලීන ණය ආපසු ගෙවීමේ පීඩනයෙන් මිදීමට උපකාර වනවා.”

ඒ අනුව, එම වසර දෙක සඳහා ණය ගෙවීමේ දිගුකාලීන සැලැස්මක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා මිත්‍රශීලී උපදේශන සාකච්ඡාවක නිරත වීමට එක්සිම් බැංකුව අදහස් කර සිටින බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සමාන පියවර ගන්නා මෙන් අනෙකුත් ණය හිමියන්ගෙන් ඉල්ලා සිටි ඇය, ජාත්‍යන්තර මූල්‍ය අරමුලෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාදීමට හැකිතාක් ඉක්මනින් කටයුතු කරන ලෙසයි.

පුවත්

වෙසක් බලන්න ගිය ලොරි රථයක් අනතුරට ලක්වේ

Published

on

By

කොළඹ සිට ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබු 10 දෙනකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුවේ සිට වෙසක් සිරි නැරඹිමට කුඩා ලොරි රථයකින් කොළඹ ගොස් ආපසු නැවත ආණමඩුවට පැමිනෙමින් සිටි පිරිසකි.

අනතුරින් තුවාල ලබා ඇති පිරිස අතර  කුඩා ළමුන් තිදෙනෙකුද සිටින බව සඳහන්ය.

Continue Reading

පුවත්

දන්සල් 8 ක් අත්හිටුවයි

Published

on

By

නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ තවත් දන්සල් 17ක් නිසි උපදෙස්වලින් අනතුරුව පවත්වාගෙන යාමට අවසර ලබාදුන් බවය.

වෙසක් පොහොය නිමිත්තෙන් ඊයේ දිනයේ දිවයින පුරා දන්සල් රැසක් සංවිධානය කර තිබු අතර සියලු දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වුණි.

අද දිනයේත් පවත්වනු ලබන දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරත වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

මහමඟ සියල්ලෝ භීතියට පත්කර වෙසක් බලන්න ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

Published

on

By

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් ඇතුළුව යතුරුපැදි 16ක් බණ්ඩාරගම පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ යතුරුපැදි 16 සමග තරුණයින් 16 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

වෙසක් සිරි නැරඹීමට යමින් සිටි ජනතාවට පීඩාවක් යන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවලටද මහජන පීඩාවක් ඇතිවන අයුරින් අධික ශබ්ද නගමින් මෙම යතුරුපැදි අදාළ යතුරුපැදිකරුවන් විසින් ධාවනය කර තිබේ.

පොලිස් භාරයට ගත් අධිබලැති යතුරුපැදි හතරෙහි ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කිරීමේදි ඒවා සැකකටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනෙකුත් සියලුම යතුරුපැදි නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදි ගමන් ගන්නා පදිකයින් බිය උපද්දවන සුළු හඬ පැතිරෙන අයුරින් වෙනත් කොටන් බද්ධ කර තිබූ බවටද පොලීසිය සිදුකල පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය පැවසීය.

පොලීසිය සඳහන් කලේ අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

එම තරුණයින් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved