Connect with us

පුවත්

ලංකාවේ කෝපි වලට අරාබියෙන් ඇගයීමක්

Published

on

ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි නිෂ්පාදන අතර ප්‍රමුඛත්වයක් ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා පවසා තිබේ.

තානාපතිවරයා එලෙස පවසා ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති හමුවකදීය.

මෙරට කෝපි වගාව පුළුල් කිරීම සහ අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවද ඔහු පවසා ඇත.

තවද කෘෂි අංශ නවීකරණය හා මෙරට කෘෂි නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය ඉලක්ක කර ගනිමින් සැකසීම සම්බන්ධව රජයේ වැඩ පිළිවෙළ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කර ඇත

එමෙන්ම අගය එකතු කළ මෙරට කෝපි නිෂ්පාදන විදේශ වෙළෙදපොලට හඳුන්වා දීමෙන් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගත හැකි අතර මෙරටට අවශ්‍ය යුරියා පොහොර හා අනෙකුත් පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය දීමට හැකි බවද තානාපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.

පුවත්

පළාත් කිහිපයකට ගිගිරුම් සහිත වැසි

Published

on

By

උතුරු-මැද, නැගෙනහිර,  ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිත්,  නැගෙනහිර පළාතේත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරනු ලබයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

ටිරාන් අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක්

Published

on

By

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා ඇතුළු සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, සිලෝන් නිව්ස් පේපර්ස් සමාගම විසින් ගොනු කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

අදාළ පෙත්සමෙන් දක්වා ඇත්තේ පෙත්සම්කාර සමාගම විසින් පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසී ලබා ගැනීම සඳහා වගඋත්තරකාර කේසර ලංකා පුද්ගලික සමාගම සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවත් පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයකු වන හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසුව වගඋත්තරකාර කේසර ලංකා සමාගම අදාල ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කළ බවත් පසුව මෙම වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවත් ය.

මෙම තත්වය හමුවේ පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින් ජනවාරි 21 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.

Continue Reading

පුවත්

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

Published

on

By

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා සඳහන් කළේ, පනතේ 41 හා 42 වගන්ති සංශෝධනය සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන්ගේ නිරීක්ෂණ මේ වනවිට අමාත්‍යංශයට ලැබී ඇති බවය.

ඒ අනුව එම නිරීක්ෂණ ද ඇතුළත් කොට නීති කෙටුම්පත් සම්පාදක විසින් අවශ්‍ය සංශෝධන සිදු කර ඇති බව ඔහු ප්‍රකාශ කලේය.

ඒවා නිතීපතිවරයා වෙත යොමු කර ලැබෙන අනුමැතියෙන් අනතුරුව සංශෝධන කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය.

ඉන් පසු විහාර දේවාලගම් පනතට ගෙන එන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

විහාර දේවාලගම් පනතේ පවතින අඩු පාඩු නිවැරදි කරමින් වර්තමානයට ගැලපෙන ලෙස නීති සංශෝධනය මෙම සංශෝධන හරහා සිදු කෙරෙන බව අමාත්‍යංශය ප්‍රකාශ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved