Connect with us

පුවත්

ලංකාවේ ණය ණය බර ලිහිල් කිරීමට ඉදිරියටත් සහය දෙන්න සූදානම් – චීනය

Published

on

පවතින තත්ත්වය මගහරවා ගැනීමට මෙන්ම ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ශ්‍රී ලංකාවට සහය දීම සඳහා එක්ව ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන බව චීනය පවසයි.

ඊයේ (28) බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා – මාඕ නිංග් මහත්මිය මේ බව පවසා තිබුණි.

ශ්‍රී ලංකාව හා සම්බන්ධ IMF වැඩසටහන අවසන් කිරීමට අවශ්‍ය සහතිකවලට අනුකූලව යම් ගැලපීමක් සිදුකිරීමට චීනය කැමැති වන්නේද යන්න බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනය විසින් නැගූ පැණයකට ඇය මෙසේ පිළිතුරු ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු මීට පෙර කිහිප අවස්ථාවකදීම හෙළි කළ බවද ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්දය අද

Published

on

By

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද(14) ආරම්භ වේ.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේ තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 18 වැනිදා සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා විශේෂ අවස්ථාවක් හිමිවන බවය.

ඇල්පිටිය මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා බෙදාහැරීමට නියමිතව තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතය.

පිළිගත් දේශපාලන පක්ෂ 08 ක් සහ ස්වාධීන කණ්ඩායමක් ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී තිබෙන බව පැවසේ.

Continue Reading

පුවත්

තලතා වෙනුවට ආ කරූත් මැතිවරණයට නෑ; ඡන්දය දාන්නත් එපා කියයි

Published

on

By

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කරුණාරත්න පරණවිතාන මහතා මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.

ඒ හේතුවෙන් ඉදිරි මහ මැතිවරණයේදී තමාට ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස ඔහු ඡන්දදායකයන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

ඔහු ප්‍රකාශ කරන්නේ තම පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ සහ සමගි ජන බලවේගය අතර අත්සන් කෙරුණු ගිවිසුම කඩවීම හේතුවෙන් මෙලෙස අපේක්ෂක ධුරයෙන් ඉවත් වූ බවයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අයහපත් කාලගුණය නිසා 3ක් මියගිහින්, දිස්ත්‍රික් 12කට බලපෑම්

Published

on

By

දිස්ත්‍රික්ක 12ක පවුල් 33379කට අයත් පුද්ගලයින් 129,989ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

කොළඹ,ගම්පහ,කළුතර,කිලිනොච්චිය,කෑගල්ල, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, පොළොන්නරුව,නුවර, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් මෙලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන්කරයි.

ක්ෂණික ජල ගැලීම්,අධික සුළං,අකුණු සහ ගස් කඩා වැටීම් ආදී ආපදා තත්වයන් හේතුවෙන් මෙම පිරිස පීඩාවට පත්ව සිටිති.වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලය.ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 200,67කට අයත් පුද්ගලයින් 80,529ක් පීඩාවට පත්ව සිටින අතර,කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,904 කට අයත් පුද්ගලයින් 40,231 ක් පීඩාවට පත්ව සිටිති.

පුද්ගල මියයෑම්….

ජල පහරට හසුව කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇත.

48 හැවිරිදි පුද්ගලයෙකු ඉකුත් 11 වැනිදා පානදුර – අඟුරුවාතොට මාර්ගයේ ගමන් කරමින් සිටියදී හල්තොට බෝධිය ආසන්නයේදී ජලය පිරී තිබූ කුඹුරකට වැටී මියගොස් ඇති අතර,කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිහිද ග්‍රාම නිලධාරී වසමේදී ඉකුත් 10 වැනිදා ඇළකට වැටී අතුරුදහන්වූ පුද්ගලයාගේ මළ සිරුර පෙරේදා (12 වැනිදා) උදෑසන සොයාගෙන තිබේ.

වැසි තත්වය තව දුරටත් වර්ධනය වුවහොත් දැනට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින ගංවතුර තත්වය නැවත වර්ධනය වියහැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී.සුගීෂ්වර පැවසීය.

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය ඉදිරි දින කීපය තුළදීද පැවැතිය හැකි බවට කාළගුණික අංශ විසින් අනතුරු අගවා තිබෙන බවත්,මේ නිසා කළු,කැලණි,අත්තනගලු ඔය සහ ගිංගගේ ධාරා ප්‍රදේශ වලට ඉදිරි කාලයේදී මිලි මීටර් 100 ක පමණ වැසි ඇද හැළුණහොත් පහසුවෙන් නැවත ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ හැකියාව ඇතැයිද ඔහු සඳහන් කළේය.

ජලයෙන් යටවී තිබෙන මාර්ගවල වාහන ධාවනය සේම ගමන් කිරීම ඉතා අනතුරුදායක බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේය.

අධික වැසි සමග ගම්පහ,කොළඹ,කළුතර,ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්ෂණිකව නාගරික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඔහු අනතුරු අඟවන්නේය.

උදෑසන කාලයේදී පවතින වැසි තත්වය අද (14 වැනිදා) සිට අඩු වූවත්,සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ පවතින වැසි තත්වය මෙම 18 වැනිදා දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මෙම වැසි තත්ත්වය බලපාන බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීවේය.අකුණු සහිත මෙම වර්ෂාව මිලි මීටර් 75 ත් 100 ත් අතර අගයක පවතින බවත්,කෙටි කාලයක් තුළදී වැඩි සීඝ්‍රතාවයකින් මෙම වැසි ඇද හැලෙන බවද ඔහු සඳහන් කළේය.

(අරුණ)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved