Connect with us

පුවත්

ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් තුනම අදානිට!

Published

on

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් තුනක පරිපාලනය ලබා ගැනීම සම්බන්ධයෙන් අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 

 එම සාකච්ඡා සාර්ථක වුවහොත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, මත්තල ගුවන් තොටුපොළ සහ රත්මලාන ගුවන් තොටුපොළවල පරිපාලනය අදානි සමූහ ව්‍යාපාරය සතු වීමට ඉඩ තිබෙන බව ඉන්දීය මාධ්‍ය කියා සිටී.

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් තුන පාලනය කිරීම සඳහා අදානි සමුහ ව්‍යාපාරය සමඟ එක්ව කටයුතු කිරීමට සැලැසුමක් ශ්‍රී ලංකාවට තිබෙන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මුම්බායි නගරයේදී ‘ද හින්දු’ පුවත්පතේ ව්‍යාපාරික වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබෙන බවද ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.

එසේම ඒ සඳහා අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. සංචාරකයන් මිලියන 1.48 පිරිසක් පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති බවත් මෙරට සංචාරක කාර්මාන්තය හිස ඔසවමින් සිටින මොහොතක ගුවන් තොටුපොළවල පරිපාලනය ක්‍රමවත් කිරීමට පුද්ගලික සමාගමක් සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වරඩිදුරටත් පෙන්වා දී තිබේ.

සබැඳි පුවත්:

කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන් ‍තොටවල් ඉන්දියාවට – Sri Lanka Mirror – Right to Know. Power to Change

පුවත්

බණ්ඩාරවෙල  සතොස ගිනිගනී

Published

on

By

බණ්ඩාරවෙල නගරයේ පිහිටි සතොස ආයතනයේ අද (20)  අලුයම ගින්නක් ඇතිවී තිබේ.

ගින්නෙන් එම ආයතනයට දැඩි ලෙස අලාභහානි වී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

මෙම සතොස ආයතනය වසා තිබියදී මෙසේ එහි ගබඩාවේ අලුයම ගින්න හටගෙන ඇති බවත් ,එම අවස්ථාවේ එම වෙළෙඳ සංකීර්ණය අසල රාත්‍රි  මුර  රාජකාරියේ නිරතව සිටි  සේවකයන් විසින් මෙම ගින්න දැක බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ට දැනුම් දී තිබේ.

අනතුරුව බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය සහ බණ්ඩාරවෙල පොලිසිය එක්වී එම ගින්න අවට ප්‍රදේශයට පැතිර යාමට ඉඩ නොදී ගිනිනිවිම් රථ ජල බවුසර් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වූ බවද
පොලිසිය සදහන් කළේය.

ගින්නෙන් සතොස ආයතනයේ ගබඩාව තුළ තිබූ හාල් , සීනි ඇතුලු  ආහාර ද්‍රව්‍ය  සමග   දේපළ රැසක් විනාශ වී ඇති බවත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත.

Continue Reading

පුවත්

පොලිස් විශේෂ ආරක්ෂක දිසාවට අලුත් ප්‍රධානියෙක්

Published

on

By

පොලිස් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මඩකලපුව දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතා අද (20) සිට පත් කර තිබේ.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

එම තනතුර සඳහා ස්ථීර වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත එම තනතුරේ රාජකාරී සඳහා පත්කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඔහු රාජකාරීන් සිදුකළ මඩකලපුව දිසාව සඳහා පුරප්පාඩු වන තනතුරේ රාජකාරී නැවත දැනුම්දෙන තුරු ආවරණය කිරීම සඳහා අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන එච්. සමුද්‍රජීව මහතා පත් කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට

Published

on

By

ශ්‍රීපාදය වන්දනා කිරීමට පැමිණි විදේශිකයෙකුට අද (20) දින හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික පුද්ගලයෙකි.

මෙම විදෙස් සංචාරකයා ශ්‍රීපාදය වන්දනා කිරීමට යනවිට නල්ලතන්නිය මාර්ගයේ, ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේම රෝගාතුර වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෘත ශරීරය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නල්ලතන්නිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved