Connect with us

පුවත්

ලංකාවේ වැඩේ තිතට කළ බව ඉන්දීය විදේශ ඇමති මැතිසබේට කියයි

Published

on

ශ්‍රී ලංකාවේ දරුණුතම ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේත් ඊට සහයෝගය දැක්වීමට ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දීයාව අසල්වැසියෙකු ලෙස සිය වගකීම් පැහැර හැරිමක් සිදුකරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිසංකර් ඊයේ (07) එරට පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, වත්මන් ඉන්දීය රජය එම වගකීම නිසි ලෙස ඉටු කර ඇති බවය.

එම්.ඩී.එම්.කේ පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වයිකෝ විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.

සිය රජයේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඊයේ දිනයේදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ අතර එහිදී වයිකෝ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවේදී ඉන්දීයාව අදාළ යෝජනාවට ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිසංකර් සඳහන් කළේ, ඉන්දීයාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්ද ප්‍රකාශ කිරීමට නොපැමිණියේ ඉන්දීයාවේ දීර්ඝකාලීන ස්ථාවරයට අනුව බවය.

එය ඉන්දීය වත්මන් රජය ද අනුගමනය කළ අතර ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව වෙනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි වඩාත් ඵලදායිම ක්‍රමය එය බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමේදී වාර්ගික ප්‍රවේශයක් නොගන්නා අතර ඉන්දීයාව සහයෝගය ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජාතීන්ට බව එහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

පුවත්

අද සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

Published

on

By

අද (27) සිට දින 3ක්, දිස්ත්‍රික්ක 8ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මදුරු ඝනත්වය ඉහළ අගයක පවතින කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතරය යන දිස්ත්‍රික්කවල මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

පවතින කඩින්කඩ වර්ෂාව හේතුවෙන් ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දී තිබේ.

එම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන, විශේෂ මදුරු මර්දන වැඩසටහන ලබන 29 වැනිදා දක්වා ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

නිවාස, පාසල්, වැඩබිම්, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන සහ පොදු ස්ථාන එහිදී පරීක්ෂාවට ලක්කරනු ඇත.

සිය පරිශ්‍ර තුළ මදුරුවන් බෝ වන තැන් විනාශ කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 11,000ක් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

Continue Reading

පුවත්

අදින් ඇරඹෙන “කොළඹ මුද්දර දැක්ම”

Published

on

By

කොළඹ මුද්දර දැක්ම අද (27)  සිට 29 වැනිදා දක්වා කොළඹ 10 ඩී.ආර් විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වේ.

ඒ, තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසිනි.

දෙස් විදෙස් පැරණි මුද්දර, මුල්දින කවර සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර විනෝදාංශ ආශ්‍රිත සියලු දෑ මෙන්ම පැරණි කාසි සහ නෝට්ටු ඇතුළු බොහෝ දෑ එහිදී මිලදී ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Continue Reading

පුවත්

ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි

Published

on

By

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩු විභාගයෙන් තමන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නේය.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තමන් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් එම තීන්දුව ගත් බවත් විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් විවෘත අධිකරණයේ අද දැනුම් දෙන ලදී.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවත් ඔහු විවෘත අධිකරණයේ කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved