Connect with us

පුවත්

ලංකාවේ විදුලි නිෂ්පාදන වියදම වැඩි බව ඉන්දියාව කියයි!

Published

on

විදුලිය ඒකකයක් නිෂ්පාදනය සඳහා ඉන්දියාව වැයකරන මුදල මෙන් සියයට සිය ගුණයකින් වැඩි වියදමක් ශ්‍රී ලංකාව විසින් දරන බව ඉන්දීය රජයේ බලශක්ති අමාත්‍යංශය මෑතකදී නිකුත් කළ නවතම වාර්තාවක් පෙන්වා දී ඇතැයි “දේශය” පුවත්පත වාර්තා කර තිබේ.

මෙම වාර්තාවට අනුව ඉන්දියාව විදුලිය ඒකකයක් නිෂ්පාදනය සඳහා වැය කෙරෙන මුදල ශ්‍රී ලංකා රුපියල් හා සන්සන්දනය කළ හොත් එය රුපියල් 25ක් පමණ වෙතැයි එහි දැක්වේ.

එහෙත් ශ්‍රී ලංකාව එක් විදුලිය ඒකකයක් නිෂ්පාදනය සඳහා මේ වනවිට රුපියල් 52ක මුදලක් වැය කරනු ලබයි.

ඉන්දියාවේ විදුලි නිෂ්පාදන වියදම විශාල ලෙස අඩුවීමටත් ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදන වියදම 100%කින් පමණ වැඩිවීමටත් ප්‍රධාන හේතුව මෙරට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන ගල්අඟරු හා ජලය බහුලව භාවිත කිරීම බවද පැවසේ.

මෙහිදී ඉන්ධන සහ ගල්අඟුරු සඳහා කරන වියදම අධික බවද වාර්තා වේ.

සුළං බලය හා සූර්ය බලයද ශ්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළද එය ඉතා සුළු ප්‍රමාණයකි.

එහෙත් ඉන්දියාව සිය විදුලි නිෂ්පාදන වියදම විශාල ලෙස අඩුකරගනු ඇත්තේ ඒ රට සූර්යබල ශක්තිය පරමාණුක බලය සුළං බලය හා ගල් අඟුරු ආදී බලශක්ති උත්පාදන මූලාශ්‍ර ගණනාවක් සමානුපාතිකව යෙදාගැනීම නිසා බව වැඩිදුරටත් වාර්තා වේ.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved