Connect with us

පුවත්

ලංකා වාණිජ මණ්ඩලයෙන් ජනපතිට ඉල්ලීමක්

Published

on

සිය ධුර කාලයේ පළමු මාස හය තුළ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර දහයකට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස ලංකා වාණිජ මණ්ඩලය අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ලංකා වාණිජ මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති ප්‍රමුඛ ප්‍රතිපත්ති පහතින් දක්වා ඇත.

👉🏻

 මෑතකදී වාණිජ ණය හිමියන් විසින් නිකුත් කරනු ලැබූ නිවේදනය මත පදනම්ව බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පුර්ණ කිරීම. සාර්ථක තුන්වන සමාලෝචනයක් සහ සිව්වන වාරිකය ලබාගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන සමඟ ඉදිරියට යෑම.

👉🏻

 වත්මන් බදු බදුගෙවන්නාට බරක් නොවන සේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි රාජ්‍ය වියදම්වල අපේක්ෂිත වෙනස්කම් සහ විශ්වසනීය ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීම. එමෙන්ම, RAMIS සහ SVAT වැනි ආදායම් එකතු කිරීම් සම්බන්ධ කරුණු යළි සමාලෝචනය කිරීම.

👉🏻

 පැමිණීමේදී වීසා (On Arrival Visa) ගැටළුව වහාම විසඳීම.

👉🏻

 ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ ඩිජිටල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම.

👉🏻

 ජාතික තනි දොර වෙළෙඳ කවුළුව (National Single Window for Trade) ක්‍රියාත්මක කිරීමට කැපවී ඒ තුළින් ජාත්‍යන්තර වෙළෙඳාමට මෙන්ම ජනතාවට ප්‍රතිලාභ සලසා දීම.

👉🏻

 ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය අවකාශය නිර්මාණය කරදීම. මේ සඳහා ̃ජාතික ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ කමිටුවක් ̃ පිහිටුවීම.

👉🏻

 ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශ්‍රී ලංකා විදුලිබල පනතට අදාළ නීති ක්‍රියාත්මක කිරීම.

👉🏻

 පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ හැකි තාවකාලික ගැසට්/චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමෙන් වැළකීම.

👉🏻

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි, පාලන විනිශ්චය තක්සේරුව (Governance Diagnostic Assessment) මත පදනම්ව සකස් කරන ලද රාජ්‍ය ක්‍රියාකාරී සැලැස්ම අනුගමනය කිරීම.

👉🏻

 චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව සමඟ වෙළඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීම.

ජනතාව විසින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාදිය හැකි දූරදර්ශි ආර්ථික වර්ධන උපාය මාර්ග සැකසීමේදී සියළු පාර්ශවකරුවන් සමග, නව ජනපති එක්ව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එම ලිපියේ දක්වා තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සංවර්ධිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම උදෙසා, අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ ඵලදායී ලෙස කටයුතු කිරීමට කැපවන බවයි ලංකා වාණිජ මණ්ඩලය එමඟින් දැනුම් දී ඇත.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved