හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බදු අඩු කිරීමට උපදෙස් ලබාදුන්නේ නාලක ගොඩහේවා මහතා බවත්, ඔවුන්ගේ වසර 30ක දේශපාලනය ඔහු විසින් විනාශ කළ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා කියයි.
අද (27) ජා-ඇල පැවැති අලුත් සන්ධානය නැමැති දේශපාලන රැස්වීම අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ඊට අමතරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ද ගෝඨාභය මහතාට උපදෙස් ලබාදෙමින් රසායනික පොහොර ගෙන්වීම නැවැත්වුවහොත් හිටපු ජනපතිවරයාට නොබෙල් ත්‍යාගය ලැබෙන බවට වැරදි උපදෙස් දුන් බව ලන්සා මහතා වැඩිදුරටත් පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා හා නිමල් ලන්සා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
මේ සන්ධානයට නායකත්වය දෙන තවත් මන්ත්‍රීවරයකු බව පැවසෙන ප්‍රියංකර ජයරත්න මහතා මේ සඳහා එක්ව නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයෙන් සිටින බැවින් එයට එක් නොවූ බව වාර්තා වේ.
නව සන්ධානයට පක්ෂයක්, ලාංඡනයක් සහ නායකයෙකු මේ වන විට නොමැති වුවද ඉදිරියේදී දේශපාලන පක්ෂ සහ මන්ත්‍රීවරුන් එක්කර ගනිමින් විශාලතම සන්ධානය බිහිකරන බවයි එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පැවසුවේය.
කෙසේවුවද, මීට පෙර මෙය ඉදිරි ජනපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ මංගල රැලිය බවට ද මාධ්‍ය වාර්තා කර තිබිණි.
සබැඳි පුවත්
බලය බෙදන්න කැමති ලිබරල් පක්ෂය ලන්සා අතට ගනියි
ලංසා නායකත්වය දෙන මංගල රැලිය ජාඇල