Connect with us

පුවත්

ලබන වසරේ අලිඇතුන්ගේ සංගණනයක්!

Published

on

මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ 2011 වසරේ බැවින් ලබන වසරේ නව සංගණනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය – මහින්ද අමරවීර මහතා පවසයි.

අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන බවත් එහි එක් පියවරක් ලෙස අලි ඇතුන් පිළිබඳ පූර්ණ සංගණනයක් සිදු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය සඳහා ඊයේ (15) පැවති වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පළමු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව  පැවසීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ දිනෙන් දින බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම පිළිබදව මන්ත්‍රීවරු විමසා සිටි අවස්ථාවේදීය. මේ අනුව අනුරාධපුර,පොළොන්නරුව, රත්නපුර, අම්පාර යන දිස්ත්‍රික්ක ඇතුළු විවිධ ප්‍රදේශවල ගම්මානවලට වල්අලි පැමිණීමෙන් සිදුවන බලපෑම් පිළිබඳව මන්ත්‍රීවරු රැසක් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.

අලි ඇතුන්ගේ වාසස්ථාන අඩුවීම, අලි ගහනය සැලකිය යුතු ලෙස වැඩි වීම ඇතුළු හේතු ගණනාවක් අලි මිනිස් ගැටුමට හේතු වී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල අලිඇතුන් ගමන් කරන ප්‍රධාන අලිමංකඩ 16 ක් මේවන විට අවහිර වී ඇති බවත් මේ හේතුවෙන් ගම්වලට අලි ඇතුන්ගේ පැමිණීම වැඩි වී ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය. මේ අනුව මෙම අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

එසේම අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සදහා ජනාධිපතිවරයා කමිටුවක් පත් කර ඇති බවද එම කමිටු තීරණ අනුව දීර්ඝ කාලීන විසඳුම් සහිත වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද වනජීවී හා වන සම්පත් සුරැකීම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඒ ඒ දිස්ත්‍රික්කවල වෙනම රැස්වීම් මාලාවක් සංවිධානය කොට මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය විසඳුම් ප්‍රමාදයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බවට ද මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.

අලි ඇතුන්ට අමතරව රිලවුන්, වඳුරන්, මොනරුන් යනාදී සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි පිළිබඳව ද මන්ත්‍රීවරු කාරක සභාවේ අවධානය යොමු කළහ. මෙම හානි  අවම කිරීම සඳහා ද කඩිනමින් දැඩි තීන්දු තීරණ ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

වන සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මායිම් ලකුණු කිරීමේදී ගොවීන්ට මුහුණ දීමට සිදුවන පීඩාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. වගාවන් සිදු කරන ජනතාව පීඩාවට පත් නොවන ලෙස මීට  විසඳුම් ලබා දෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පුවත්

සමාජ මාධ්‍යයේ හුවමාරු වන දළදා වහන්සේගේ ඡායාරූපය ගැන විමර්ශනයක්

Published

on

By

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණි පුද්ගලයෙකු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපණය වන ඡායාරූපය සම්බන්ධව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ මෙම දළදා වන්දනාවට සහභාගී වන සැදැහැවතුන් හට තමන්ගේ ජංගම දුරකථන ක්‍රියාකාර් තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.

එසේ තිබියදී සංසරණය වන මෙම ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදි ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක්ද එසේ නැතහොත් මෙය සංස්කරණය කරන ලද්දක්ද යන බව අනාවරණය කර ගැනීම සඳහා විමර්ෂනයක් ආරම්භ කර ඇති බවය.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලීසිය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved