Connect with us

පුවත්

ලබන සතියේ ලිහිල් වෙන ආනයන සීමා

Published

on

වාණිජ වාහන 67ක හා HS කේත 299කට අයත් භාණ්ඩ වලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ සිට ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පවස ඇත.

පෞද්ගලික වාහන වලට අදාළ HS කේත 304ක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණය කර නොමැති බවද ඔහු සියා සිටියි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කීය :

“පැවති විදේශ විනිමය හිඟතාවය සහ අත්‍යාවශ සේවාවන් ජනතාවට සැපයීමට අවශ්‍ය හින්දා මේ රටට සිදුකරන ආනයනය සමහර දේවල් තාවකාලිකව තහනම් කළා. සමහර දේවල් තහනමකට ලක්කිරීමක් සිදුකළා. ඒ අනුව විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවට බලපෑමක් ඇති වුණා වගේම විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කුඩා ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යෑමට බලපෑමක් ඇති වුණා. එතකොට ආර්ථික ක්‍රියාකරකම්වලට හානි ඇති වුණා ඒ හරහා. මේ වෙනකොට අපි ඉදිරි සතිය තුළදී විශේෂයෙන්ම මේ පුද්ගලික වාහනවලට අදාළව එච්එස් කේත 304කට අදාළ වන සීමාකිරීම් හැර අනෙකුත්  සීමා කිරිම් ලිහිල් කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී පුද්ගලික පරිභෝජනය සඳහා වන මේ වාහනවලට අදාළව එච් එස් කේත 304 හැර අනෙක් ඒවා නිදහස් කිරීමකට භාජනය වෙනවා. ඒ තුළ අනෙකුත් භාණ්ඩ සඳහා එච්එස් කේත 299කුත් ඒවගේම විශේෂයෙන්ම එච්එස් කේත 67ක් අදාළ වෙනවා වාණිජ වාහන සඳහා. ඒකෙදි මුලදි ගත්ත ක්‍රියාමර්ගය වෙනස් කරන්න අපි රජයක් හැටියට කටයුතු කළා.”

(මුලාශ්‍රය – අද දෙරණ)

පුවත්

තවත් පිරිසක් සජබය සමඟ එක්වේ

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. 

ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.

තවද ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

Continue Reading

පුවත්

ලෝක ප්‍රසිද්ධ සුරතලා මිය යයි

Published

on

By

ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන ඩොජ්කොයින්හි සංකේතය වන සුනඛ මුහුණට හිමිකම් කියන කබොසු සුනඛයා මිය ගොස් තිබේ.

ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් කබොසු ලියුකේමියාව හේතුවෙන් මියගොස් ඇත.

එම සුරතලාගේ හිමිකරු වන්නේ ජපානයේ ගුරුවරයෙකි.

Continue Reading

පුවත්

අපිරිසිදු දන්සල් 20කට නීතිමය ක්‍රියාමාර්ග

Published

on

By

දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් පරීක්ෂාවට ලක්කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා පවසයි.

එහිදී අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය දන්සැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සඳුන් හේමන්ත රත්නායක මහතා විසින් පවසන ලදී.

කොළඹ නගර සීමාවේ දන්සැල් 4000ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර , එයිනුත් අපිරිසිදු තත්ත්වයේ තිබූ දන්සැල් 5කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි සඳහන් වේ.

මෙහිදී බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, සීනි සම්බල් පාන්, කඩල, මඤ්ඤොක්කා, බීම දන්සල් පරීක්ෂාවට ලක්කර ඇත.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ත් 2000ත් අතර පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ.

දන්සැල් පරීක්ෂාව ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved