Connect with us

පුවත්

ලයිකා හා ප්‍රසාද්‌‌ගේ ඩීල් එක අගමැති කැබිනට්ටුවේදී කුඩුකරයි

Published

on

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA)  වෙත ලබා දීමට රුපවාහිනීයේ වත්මන් සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා විසින් ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.


‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිසගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබුන බව පැවසේ. 

එම තත්ත්වය යටතේ, එම ගිවිසුම සඳහා ආවරණ අනුමැතියක් ලබාගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රීකාවක් ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් අද (14 සඳුදා) උදැසන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය විසින් එම කැබිනට් පත්‍රීකාව තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.

කිසිඳු පාරදෘශ්‍ය භාවයකින් තොරව සිදුකළ මෙම ක්‍රියාමාර්ගය අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් කිහිප දෙනෙකුගේම දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇතැයි ද පැවසේ. 

‘චැනල් අයි’ නාලිකාව දිගින් දිගටම පාඩු ලබන බැවින් පුද්ගලික ආයෝජකයෙකුට බදු පදනම මත පැවරීමට හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර තිබිණ. ඒ අනුව 2023 පෙබරවාරි 03 දා ඊට අදාල ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් පළකර තිබු අතර අයදුම්පත් බාර ගැනීම පෙබරවාරි 17 දින අවසන්විය. 

නියමිත දිනට ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරමින් යෝජනා ඉදිරිපත් කර තිබුනේ මෙරට ප්‍රකට සන්නිවේදන ආයතන 2ක් පමණි.

කෙසේවුවද එම ආයතන දෙකට හෝ දැනුම්දීමකින් තොරව ‘ලයිකා ‘ සමාගම වෙත ‘චැනල් අයි’ නාලිකාව පැවරීමට ජනමාධ්‍ය ඇමතිවරයා විසින් අලුතින් පත්කළ සභාපතිවරයා පසුගියදා කටයුතු කර තිබිණ.

මොහු මේවන විටත් ලයිකා වෙතින් රුපියල් මිලියන 75ක අත්තිකාරමක් ලබාගනිමින් ශ්‍රී ලංකා රූපවාහිනියේ හිඟ විදුලි බිලනේ බාගයක් ගෙවා දමා ඇති බවද පැවසේ.


චැනල් අයි නාලිකාවට පුද්ගලික ආයෝජකයෙකු සොයාගැනීම සඳහා පෙබරවාරි 03දා ප්‍රකාශයට පත්කර තිබු පත්‍රිකාව පහත දැක්වේ.

පුවත්

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා අදත් උසාවියට

Published

on

By

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අයට විරුද්ධව මාතර මහාධිකරණයේ විභාග වන නඩුවට පෙනි සිටිම සඳහා රැදවුම් නියෝග මත රඳවා සිටින ඔහු අද (23) දිනයේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණ සංකීරණයට රැගෙන ආවේය.

2018 වර්ෂයේදි වැලිගම පොලිස් වසමේ දී මනුෂ ඝාතනයක් සිදුකිරීමට තැත්කිරිමේ චෝදනාව මත මෙම නඩුව මාතර මහාධිකරණයේ විභාග වන අතර, මාතර මහාධිකරණ විනිසුරු එම්.ආර්.අමරසිංහ මහතා ඉදිරියේදී නඩුව විභාගයට ගන්නා ලදී.

සාක්ෂි විමසීමෙන් අනතුරුව ජූනි මස 02 වන දින දක්වා කල්තැබීය.

Continue Reading

පුවත්

පොලීසියේ ලොකු පුටු රැසක තැන් මාරු

Published

on

By

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසියේ ස්ථානාධිපතිවරු කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 12 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරු සිව්දෙනෙකුට මෙලෙස ස්ථානමාරුවීම් ලබාදී ඇති බවය.

අදාළ නිවේදනය පහතින්.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තුවේ නීති අංශයක් පිහිටුවීමට අනුමැතිය

Published

on

By

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන් සහ කාර්ය මණ්ඩලයට අදාළව නඩු කටයුතු සහ නීති උපදෙස් ලබා දීමේ සැලකියයුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් සැලසීමේ අරමුණින් පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබේ.

මෙම තීරණ ගනු ලැබුවේ උක්ත කාරක සභාව පසුගිය දා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධනත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

එමෙන්ම, පාර්ලිමේන්තුව තුළ දැනට ක්‍රියාත්මක වන සංඥා භාෂා පරිවර්තන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමටද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව ආබාධ සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රාග්ධන ආයෝජන අරමුදලේ (Commonwealth Parliamentarians with Disabilities (CPwD) Capital Investment Fund) අනුග්‍රාහකත්වයෙන් පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 05 සහ 06 සඳහා සංඥා භාෂා පරිවර්තන පහසුකම් ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වැහිපීලි ප්‍රතිසංස්කරණය කිරීම, ප්‍රධාන තඹ ද්වාරයේ ක්‍රියාකාරී යාන්ත්‍රණය නිවැරදි කිරීම, සනීපාරක්ෂක පහසුකම් පුළුල් කිරීම, පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම, ගිනි අනාවරක පද්ධතියක් (Fire Detection System)ස්ථාපනය කිරීම ආදී කටයතු ප්‍රමුඛතා කාර්යයන් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ සහය ඇතිව සිදුකිරීමටද කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

ඊට අමතරව, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ වැඩිදියුණු කිරිම් කටයුතු සඳහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ අනුව, 2025 අයවැය ප්‍රතිපාදන සහ නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම කටයුතු සිදු කිරීමට නියමිතය.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල සැපයුම් පද්ධතියක් කථානායක නිල නිවසේ ස්ථාපිත කිරීමටද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම කටයුතු සිදු කිරීමට යෝජිත අතර පාර්ලිමේන්තු සැපයුම් සහ සේවා කාර්යාංශය මගින් නියමිත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ සූර්ය බල පද්ධති දෙකක් ස්ථාපනය කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved