ඩුබායි සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ විදේශීය ගුවන් යානයක් තුළ ශ්‍රී ලාංකීක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගුවන් තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ හේතුවෙන් ගුවන් යානය කරච්චි ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා ඇති බවද පැවසේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ, 57 හැවිරිදි කාන්තාවකි.
මෙම කාන්තාවගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ගුවන් යානය අතරමගදී වෛද්‍ය ආධාර ලබාගැනීම සඳහා ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා විසින් හදිසි ගොඩබෑමක් සිදු කිරීමට කරච්චියේ ගුවන් ගමන් පාලකවරයාගෙන් අවසර ඉල්ලා තිබූ බවද වාර්තා වේ.
එසේ ගොඩබෑමෙන් අනතුරුව එරට සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෛද්‍යවරු මගියා පරීක්ෂා කිරීමට යානයට ගොඩ වූ බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ඔවුන්ගේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති අතර, එම කාන්තාව මරණයට පත්ව ඇත.
ඇය මෙසේ මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බවද පැවසේ.
ගුවන් තොටුපළේ ස්ථානගත කර ඇති සෞඛ්‍ය නිලධාරියා විසින් කාන්තාව සඳහා මරණ සහතිකයක් නිකුත් කර ඇති බවත්, අවශ්‍ය විධිවිධාන සම්පූර්ණ කිරීමෙන් පසු ඇයගේ දේහය රැගත් ගුවන් යානය කරච්චි ගුවන් තොටුපළෙන් කොළඹ, එහි මුල් ගමනාන්තය වෙත ළඟාවී ඇති බවද වාර්තා වේ.