Connect with us

පුවත්

ලාභ ලබන ලිට්රෝ විකුණන්න යයි

Published

on

ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (26) පෙරවරුවේ පැවසීය.

ලිට්‍රෝ සමාගම පසුගිය වසරේ රුපියල් කෝටි 700 කට ආසන්න ලාභයක් ලැබූ බව කී සභාපතිවරයා එම ආයතනය විකිණීමට තමන් තුළ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති වුවද ආණ්ඩුවේ තීරණවලට බලපෑම් කළ නොහැකි බව ද සඳහන් කළේය.

මෙරට ජනතාවගේ ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සභාපතිවරයා ලෙස සිය ඉලක්කය බවත් ජාතික මට්ටමේ තීන්දු තීරණ ගැනීමේදී කැබිනට් මණ්ඩලය වැනි වෙනත් තළයක් තීරණ ගන්නා බවත් ඒ මහතා කීය.

රාජ්‍ය ආයතනය පෞද්ගලිකරණය සඳහා තීරණ ගැනීමට වෙනත් කමිටුවක් ඇති බව කී පීරිස් මහතා එම කමිටුවේ තීරණය පිළිබඳව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස තමන්ට වගකීමක් හෝ වගවීමක් නොමැති බව ද සඳහන් කළේය.

පුවත්

රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සබරගමු පළාත් අධ්‍යක්ෂවරියක් හා ලේකම්වරයෙක් රිමාන්ඩ්

Published

on

By

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්  සබරගමු පළාත් සභාවේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් සහ සබරගමු පළාත් සභාවේ අමාත්‍යාංශයක හිටපු ලේකම්වරයෙකු ලබන 08 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්‍ තිළිණ මහේෂ් පීරිස් මහතා නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හැර සිටි‍ සැකකාර සහකාර අධ්‍යක්‍ෂකවරිය පසුගිය 07 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සබරගමු පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු අමාත්‍යාංශයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂිකා කුසුම්ලතා කුමානායක යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශිය ලේකම්වරයෙකු මෙන්ම සබරගමු පළාත් මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සංවර්ධන, පළාත් මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයෙකු වු දේවප්‍රිය විජයරාජ මෙම සිද්ධියට අදාළව ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙකු මඟින් භාර වී තිබුණි.

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු කාර්මික නිලධාරිවරයෙක්, ලිපිකරුවකු සහ ලේකම්වරයෙකු ද මීට පෙර මෙම වංචාව් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77 කට අදාළව මුදල් වෙන්කර ගෙන ඇතත් ඒ සඳහා මාර්ග හෝ ක්‍රිඩාංගණ ඉදිකර නොතිබීම සම්බන්ධයෙන් සිදුකළ විගණන පරීක්ෂණයකින් මෙම වංචාව හෙළිවීව ඇති බව සඳහන්ය.

අනතුරුව ඊට අදාළව සබරගමු පළාත් සභාවේ ලේකම්වරයෙකු අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුවේ මූල්‍ය වංචා අංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

2016 සහ 2017 වර්ෂවලදී මෙම  මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77ක් සිදුකර ඇතැයි අසත්‍ය ලේඛන ඉදිරිපත් කර මෙම මූල්‍ය වංචාව සිදුකර ඇතැයි සබරගමු පළාත් සභාව සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාවට ජනපති කළ ඉල්ලීම මල්වතු හා අස්ගිරි පාර්ශව මහ නාහිමිවරු ප්‍රතික්ෂේප කරලා

Published

on

By

සිරි දළදා වන්දනාව අද (30) වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා හා දියවඩව නිලමේවරයා හමුව ඉල්ලීමක් කළ ද එය ඔවුන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

දළදා වන්දනාව පැවැත්වෙන අවස්ථාවේ හදිස්සියේ ජනපතිවරයා මහනුවරට ගොස් තිබුණේ මේ සඳහා බවද පැවසේ.

සිරි දළදා වන්දනාව සිදු කරණ අවස්ථාවේ එය දීර්ඝ කිරීමට තීන්දු කිරීමට නම් මහ නාහිමිවරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දියවඩන නිලමේවරයා සිටීම අවශ්‍ය බවද පැවසේ.
අදාළ පාර්ශවල අකැමැත්ත පරිදි සිරි දළදා වන්දනාව නියමිත පරිදි අවසන් කළ බව නෙත් 

කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය වාර්තා කර තිබේ.

Continue Reading

පුවත්

මැයි පෙළපාළි ගැන විශේෂ නිවේදනයක්

Published

on

By

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් මෙන්න විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව සම්බන්ධයෙන් සුදුසු පරිදි අවශ්‍ය ආරක්ෂාව, රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලසීමට කටයුතු කරන ලෙසට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වන විටත් පොලිස් මූලස්ථානය මගින් අවශ්‍ය උපදෙස් හා නියෝග ලබාදී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ කොළඹ නගරයේ පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව ස්ථාන 15කදී පැවැත්වීමට නියමිතව බවය.

කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ගමනාගමනය සිදුකිරීමට පොලීසිය රියදුරන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම විකල්ප මාර්ග පිළිබඳව තොරතුරු අවශ්‍ය විටකදී රථවාහන පොලිස් නිලධාරින්ගෙන් සහාය ලබාගත හැකි බවද වැඩිදුරටත් දැනුම්දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved