Connect with us

පුවත්

ලාෆ්ස් ගෑස් ගැන දැනුම්දීමක්

Published

on

වෙළෙඳපොළ තුළ පවතින ලාෆ්ස් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.

ඒ මහතා සඳහන් කළේ, බෙදාහැරීමේ කටයුතුවල පැවති ගැටලුවක් හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහියපක ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින බවය.

මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතුවූ බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ.

ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කලේය.

පුවත්

මහමැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන හැටි

Published

on

By

මහමැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මහමැතිවරණය සම්බන්ධ දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

එමෙන්ම ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කළ පසු මාධ්‍ය වෙත නිකුත් කරන බවත් එම නිසා නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක :

“තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධි විධාන යොදා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට කටයුතු යොදල තියෙනවා. ගණන් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රතිඵල මාධ්‍යට ලබා දීමට අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

එමෙන්ම ඡන්දය ගණන් කිරීමේ කටයුතු සම්බන්ධවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අදහස් පළ කලේය.

එහිදී ඔහු පැවසුවේ ඡන්ද ගණන් කිරීම අදියර 3ක් යටතේ සිදුවන බවයි.

ඒ අනුව එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රීධුරය සඳහා තෝරා පත් කර ගැනීම සිදුකරන බවත් ඔහු  පැවසුවේය.

“ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවෙන්නේ. පළමුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිදුකරනවා. දෙවනුව ගණන් කරන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව. ඒක අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරනවා. එයින් අනතුරුවයි පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයින් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ. එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රීධුරය සඳහා තෝරා පත්කර ගැනීම සිදුකරනවා”

Continue Reading

පුවත්

රාජගිරියේ ගින්නක්

Published

on

By

රාජගිරිය මැදවැලිකඩ මාර්ගයේ නිවසක පවත්වාගෙන යන තාවකාලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.

ගින්න පාලනය සඳහා මේ වනවිට කෝට්ටේ ගිනිනිවන ඒකකයේ රථ 4ක් යොදවා ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

Published

on

By

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය සදහන් කළේ, මේ හේතුවෙන් එම වෙබ් අඩවියට පිවිසීම අවහිර වී ඇති බවය.

කඩිනමින් එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු වාරුක දමුණු පොළ ප්‍රකාශ කලේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved