Connect with us

පුවත්

ලේ බැංකුව ටැටූ ගැහුව අය​ගේ ලේ එපා කියයි!

Published

on

පච්චා හෙවත් ටැටු කොටා ඇති පුද්ගලයින්ගෙන් වසරක් යනතුරු රුධිරය ලබා නොගන්නා බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ කියා සිටියේ ඇතැම් අවස්ථාවලදී පච්චා කෙටීමෙන් ඒඩ්ස් ඇතුළු රෝග ආසාදනය වීමේ අවදානමක් පවතින බවයි.

මේ අතර මේ වසරේදී ජාතික රුධිර අවශ්‍යතාවය මේ වනවිට සම්පූර්ණ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

පුවත්

හිටපු ජනපති ගෝඨාභය CIDයට එයි

Published

on

By

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය.

Continue Reading

පුවත්

උදයංගට ඇප

Published

on

By

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඇප මත නිදහස් කර තිබේ.

පසුගියදා වීරතුංග මහතා විසින් සිය අසල්වාසී නිවෙස් හිමියෙකුට සිදු කරන ලද පහරදීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුවයි ඔහු ව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කෙසේවෙතත් උදයංග වීරතුංග මහතා ව අද (17) පෙරවරුවේ රුපියල් 10,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කර තිබේ.

Continue Reading

පුවත්

දුමින්දට විශේෂ පහසුකම් නැහැ  – බන්ධනාගාර කොමසාරිස්

Published

on

By

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු සඳහා සුවි‌ශේෂී පහසුකම් බන්ධනාගාර රෝහල තුළ ලබාදී ඇති බව හුවා දක්වමින් මෑතක සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අපකීර්තියකට පත්වන ආකාරයට කිසියම් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් මුදා හරිමින් යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශ) ගාමිණී බී. දිසානායක මහතා සදහන් කරයි.

බන්ධනාගාර රෝහල තුළ මෙම සිරකරු ප්‍රථිකාර ලබන වාට්ටුවේ රෝගී වූ රැඳවියන් සඳහා පොදුවේ ලබාදී ඇති පහසුකම්වලට අමතරව, ආර්.දුමින්ද සිල්වා නැමති සිරකරු හට පමණක් කිසිඳු ආකාරයේ අමතර පහසුකමක් ලබා දී නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසීය.

ඊට ආදල කරුණු හා එම වාට්ටුවේ ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඊයේ (16) ආර්. දුමින්ද සිල්වා සිරකරු වෛද්‍ය නිර්දෙශයන්ට අනුව වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත ඇතුළත් කර තිබේ.

තවද, රෝගී වන සෑම රැඳවියෙකුම බන්ධනාගාර වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිදේශයන්ට අනුව එම රැඳවියා නේවාසික ප්‍රථිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කරන්නේද, නොකරන්නේද යන්න තීරණය කරනු ලැබේ.

රෝගියා වැඩිදුර ප්‍රථිකාර සඳහා රජයේ රෝහලක් වෙත යොමු කිරීම වෛද්‍යවරයාගේ නිර්දේශ මත සිදු කරන බව බන්ධාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ පිළිබඳ බන්ධනාගාර ව්‍යවස්ථාපිත රීති යටතේ 41 සිට 81 වගන්ති මගින් සඳහන් කර ඇත.

මේ වන විට අදාළ සිරකරු බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර අවසන් කර වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

මෙම සිරකරු සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්වලදී මාධ්‍ය නිවේදන නිකුත් කළ ද යම් යම් පුද්ගලයින්ගේ පෞද්ගලික අරමුණු සඳහා ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර සිදුකරන අවස්ථා නිරීක්ෂණය වන බව බන්ධාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved