පුවත්

ලොව දිගම මුද්දරය ලංකාවෙන්

Published

on

ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික  ශ්‍රි දළදා පෙරහැර සංකේතවත්  කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ  සමරු මුද්දරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීම ද  සිදු කෙරිණි.

Trending

Exit mobile version