Connect with us

පුවත්

ලොහාන්ගේ රෝහල් සංචාරය සාමාන්‍ය වාට්ටුවකින් කෙළවර වේ

Published

on

හදිසියේ ඇති වූ සංකූලතාවක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර තිබේ.

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සදහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ලොහාන් රත්වත්තේ ඇතුළත් කෙරුණි.

කෙසේ වෙතත්, හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් පසු හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක් වෙත ඊයේ (03) යොමු කර තිබේ.

නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවය.

මේ අතර, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ලේකම්වරයෙකු විසින් තමන් වෙත භාරදුන් බව කියන ලියාපදිංචි නොකරන ලද ජීප් රථයක් ලඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා මේ මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ තෙල්දෙණිය වැඩබලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරලියද්ද හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

තෙල්දෙණිය – දිගන ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක් අසළ දමාගොස් තිබූ තවත් සුඛෝපභෝගී ජිප් රථයක් තෙල්දෙණිය පොලිසිය පසුගිය සිකුරාදා (01) සොයා ගන්නා ලදී.

මෙම රථය පසුගියදා වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ, පෞද්ගලික ලේකම් සංජීව බස්නායක නමැත්තා මහනුවර ගාල්තැන්න ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන මෙම කපු මහතාට ලබා දී ඇති බවට පසුව අනාවරණය වි තිබුණි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විසින් මීට සති කිහිපයකට පමණ පෙර තමන් වෙත ලබාදුන් බව ගාල්තැන්නේ කපුමහතා පොලිසියට පවසා තිබුණද වසරකට වැඩි කාලයක සිට අදාළ කපු මහතා ලග මෙම ජීප් රථය තිබී ඇති බවට පොලිසිය සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එමෙන්ම, ඔහු සතුව ඩිෆෙන්ඩර් ජීප් රථ ඇතුළු වාහන ගණනාවකින් සමන්විත වාහන අංගනයක් ද තිබෙන බවත් එහි එකලස් කර සකස් කරන ලද වාහන කිහිපයක් ඇති බවට පොලිස් විමර්ශනවලින් වැඩිදුරටත් අනාවරණය වු බව පැවසේ.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved