Connect with us

පුවත්

වතුර බටයක් පුපුරාලා අයෙක් මරුට!

Published

on

මාවනැල්ල ප්‍රදේශයේදී අධි පීඩන ජල නළයක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි වියේ පසුවන අයෙකි.

මාවනැල්ල ජල සම්පාදන මණ්ඩලයට අනුබද්ධ සමාගමක් විසින් මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ වෑත්තෑව දෙසට දිවෙන මාර්ගයේ ජල නළ පීඩනය පරික්ෂා කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ජල නළය පුපුරායන අවස්ථාවේදී අදාළ පුද්ගලයා එම මාර්ගයේ ගමන්කරමින් සිට මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව තිබේ.

තුවාලකරු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading

පුවත්

යාල ජාතික වනෝද්‍යානයට නව සංචාරක කලාප

Published

on

By

සංචාරකයින් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවය.

ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවය.

හෙක්ටෙයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.

එය කලාප 6 කින් සමන්විත වන අතර ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved