Connect with us

පුවත්

වතුර බටේ හදලා !

Published

on

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම 2ට පමණ මෝටර් රථයක් එහි ගැටීමෙන් නළය පුපුරා ගොඩගම අවට ප්‍රදේශවල ලක්ෂයකට අධික පිරිසකගේ ජල සැපයුම අත්හිටුවා ති‌බිණි.

කෙසේ වෙතත් නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීම හේතුවෙන් අද (18) අලුයම 2 පමණ සිට යළි ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව දුර ප්‍රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථාතත්ත්වයට පත්වෙනු ඇතැයි ද එම මණ්ඩලය  පවසයි

පුවත්

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ධූරය

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පස්වරුවේ පිරිනැමිණි.

Continue Reading

පුවත්

රනිල්ට ආණ්ඩුවෙන් බැනුම්

Published

on

By

මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත්, එම බදු අයකර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු මත්පැන් බලපත්‍රයක් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කිසිවකුට පිනට ලබා දී නොමැති බව සඳහන් කරමින් ඊයේ (9) නිකුත්කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වූයේ මත්පැන් බලපත්‍ර ලබාදීම මගින් රජය රුපියල් බිලියන 3කට වැඩි ආදායමක් උපයාගත් බවය.

තවදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා,

“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිව්වා අවුරුද්දකට බාර් ලයිසන් 250ක් 300ක් දීලා ඒකෙන් ලැබෙන බදුවලින් අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් කරන්න බලාපොරොත්තුව තිබ්බේ කියලා. මේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් තමන්ගේ විශ්‍රාම ජීවිතය ගතකරන පුද්ගලයෙක් මේ ආකාරයට ඉතාම උපහාසයෙන් යුතුව අදහස් ප්‍රකාශ කිරීම ගැලපෙන්නේ නෑ.බාර් ලයිසන් දෙන එක නෙමෙයි වැඩේ. ඒ බාර් ලයිසන් දීලා ඒ විකුණන අරක්කුවලට ජනතාව ගෙවන බදු මුදල් එකුත් කරගන්නවත් රනිල් වික්‍රමසිංහලා කටයුතු කරලා තිබුණේ නෑ. උදාහරණයක් ලෙස ඇලෝසියස්ට අයිති සමාගම් තුනේ ඔවුන්ගේ හිඟ බදු සහ අධිභාරය තියෙනවා 2022 ඉදන්. බාර් ලයිසන් දෙන්න තීන්දු ගන්නකොට නොගෙවූ බදු එකතු කරන්නත් තීන්දුව ගන්න තිබුණා.

මත්පැන් සමාගම්වලින් එකතුවිය යුතු බදු තියෙනවා බිලියන 7කට ආසන්න ප්‍රමාණයක්. අපි කටයුතු කරන්නේ එම බදු අයකර ගන්න. අපට පනතෙන් බලය තිබුණා නම් ඒ හිඟ බදු වෙනුවට, ඔවුන්ගේ දේපොළ රජයට අත්පත් කරගන්න…ඒකත් රජය කරනවා.ඒ නිසා රනිල් වික්‍රමසිංහට කියන්න කැමතියි මේ රටේ බාර් වවන වෙලාවේ පොල් වැව්වා නම්, රටේ වී ගබඩාටික හැදුවා නම් අද මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ”.

Continue Reading

පුවත්

කතානායකගේ සුදුසුකම් ප්‍රශ්නය ගැන ගන්න තීරණය (Update)

Published

on

By

කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති ප්‍රශ්නවලට කතානායකවරයාගේ නිසි වාර්තාවකින් අනතුරුව පිළිතුරු ලබා දීමට අපේක්ෂා කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (10) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කලේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කතානායකවරයා ඉදිරි දින කිහිපය ඇතුළත පැහැදිලි ප්‍රකාශයක් සිදු කරනු ඇති බවය.

ඒ අනුව, එහි සත්‍ය අසත්‍ය විමසා බැලීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීරණය දැනුම් දෙන බව නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කලේය.

“එක එක කණ්ඩායම් ඒක මතු කරලා තියෙනවා. කතානායකවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් තව දින කිහිපයකින් එය කරාවි. බලාගෙන ඉන්න. ඒ අයටත් පොඩි අවස්ථාවක් දෙන්න එපැයි. එක එක දේවල් කියාගෙන ඉන්න. මේ දවස්වල එයාලාගේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඉතා වගකීම් සහගත ප්‍රකාශයක් කතානායකවරයා සිදු කරාවි.

කතානායකවරයා තමන්‌ගේ සුදුසුකම් පිළිබඳව වාර්තාකරාට පස්සේ අපි ඒක බලමු. සත්‍යය නම් ඒ පිළිබඳ තීන්දුවයි. අසත්‍යයි නම් ඒ පිළිබඳ ගන්න තීන්දුවයි දෙකම කියන්නම්. වුණාට පස්සේ. අසත්‍ය නම් ප්‍රශ්නයකුත් තියෙනවා.”


(පෙර පුවත 2024 දෙසැම්බර් 10; පෙ. ව. 10:03)

කතානායකගේ ආචාර්ය පට්ටම ගලවයි

නව පාර්ලිමේන්තුවේ අභිනව කතානායක අශෝක රංවල මහතාගේ නම ඔහු පත්වූ දා සිට ‘ ආචාර්ය අශෝක සපුමල් රන්වල’ ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් විය.

කෙසේවෙතත් මේ වන විට ඔහුගේ නමට ඉදිරියෙන් වූ ආචාර්ය ගෞරව නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත්කොට තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව කතානායක අශෝක රංවල මහතාගේ ආචාර්ය ධූරය තවදුරටත් වලංගු නොවනු ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved