ගල්ගමුව හා හබරණ ප්‍රදේශවල දී දුම්රියේ ගැටීමෙන් වන අලින් 06 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (27) රාත්‍රී 12ට පමණ ගල්ගමුව ප්‍රදේශයේ දී කොළඹ සිට කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලින් සිව් දෙනෙකු මියගොස් ඇත.
හබරණ, පලුගස්වැව ප්‍රදේශයේ ද මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටීමෙන් වන අලි 02ක් මිය ගොස් ඇති අතර මෙම අනතුරෙන් මාස එකහමාරක් පමණ වයසති අලි පැටවා එම අවස්ථාවේම මියගොස් ඇත.
රාත්‍රී 12.30ට පමණ සිදු වූ ඇත අතර තුවාල ලැබු ඇතින්නද අද (28) දින දහවල් මියගොස් ඇත.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ගල්ගමුව සහ රිටිගල වනජීවී කාර්යාල මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.