Connect with us

පුවත්

වරායේ බහාලුම් නිෂ්කාශනයට තවදුරටත් බාධා

Published

on

වාප්පු ලිපිකරුවන් සේවයට නොපැමිණිම හේතුවෙන්, බhaaලුම් නිෂ්කාශන කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවී තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ  ඊයේ (13) දිනයේ ග්‍රේලයින් 01 සහ 02 යන අංගනවලින් බහාලුම් 242 ක් පරික්ෂාව අවසන් කොට නිදහස් කළ බවයි.

නමුත් සාමාන්‍යයෙන්  දිනකට බහාලුම් 500 කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්කාෂන කෙරේ.

වාප්පු ලිපිකරුවන් නිසි ලෙස නිෂ්කාශන කටයුතු සිදු නොකරන්නේනම් ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මේ අතර කොළඹ වරායේ වරායේ ඇතිවී තිබෙන  බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරිමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබේ.

රේගු දෙපාර්තමේන්තුව පවසන්නේ අද (14) උදෑසන වන විට දොරටු අවසරපත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරික්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496 ක් ඉතිරි ව ඇති බවයි.

රේගුව විසින් නිදහස් කරන ලද එහෙත් ආනයනකරුවන් හා ඔවුන්ගේ නිෂ්කාශන නියෝජිතයන් විසින් තවමත් මුදා ගැනීමට කටයුතු නොකළ බහාලුම් 603 ක් කොළඹ වරාය තුළ මේ වන විට ඉතිරිව ඇත.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අද දිනය නිවාඩු දිනයක් වුවද රේගුව නිෂ්කාශන කටයුතු ෙවල නිරතව සිටින බව යි.

මේ අතර ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය අවසන් කිරීමට  අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

ක්‍රීඩා

ජාතික ක්‍රීඩා සභාවට සාමාජිකයින් පත් කරයි!

Published

on

By

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් නව ජාතික ක්‍රීඩා සභාවක් පත් කර තිබේ.

 අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් මේ පත් කිරීම් අද (14) සිදු කර ඇත.

ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස, ප්‍රියන්ත ඒකනායක මහතා පත් කර ඇත.

ඔහු රග්බි ක්‍රීඩකයෙකු සහ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන අතර ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙස ද  නවසීලන්තයේ සහ වේල්සයේ රග්බි සමාජයෙහි ද ක්‍රීඩා කර තිබේ.

ජාතික ක්‍රීඩා සභාවේ සෙසු සාමාජිකයින්ද පත් කර ඇත.

සමන්තා නානායක්කාර – කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහචාර්යවරියක් සහ ක්‍රීඩා මනෝවිද්‍යාඥවරියක් වන අතර ලංකාවේ පළමු ක්‍රීඩා මහචාර්යවරියද ඇයයි. ඇය විශ්වවිද්‍යාල මට්ටම දක්වා බාස්කට්බෝල් ක්‍රීඩිකාවක් ද වේ.

රුක්මන් වෑකඩපොළ –  ජාත්‍යන්තර බොක්සින් සංගමයේ උපදේශකයෙකු සහ ක්‍රීඩා විනිසුරුවරයෙක් ද වන ඔහු, විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් සහ ක්‍රිඩා ගුරුවරයෙක් වශයෙන් ද සේවයෙහි නිරත වේ.

සිදත් වෙත්තමුනි – 1982 – 1987 දක්වා ආරම්භක පිතිකරුවෙක් ලෙස ද ටෙස්ට් ක්‍රිකට් සහ එක් දින ජාත්‍යන්තර ක්‍රීඩා සඳහා සහභාගී වූ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේ.

චානක ජයමහ – ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක් ලෙස දැනට අධිකරණ කටයුතුවල නියැලෙන අතර Colombo Dockyard PLC හි විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කර ඇත.

රොහාන් අබේකෝන් – ශ්‍රී ලංකා  රග්බි ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කටයුතුවල නියැලී ඇති අතර ජාතික රග්බි තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇත. රග්බි 7 වන කණ්ඩායමේ (7s)  නායකත්වය දැරූ අයෙක් වේ.

නිරෝෂන් විජේකෝන් – බැට්මිටන් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් සඳහා සහභාගී වූ පළමු බැට්මිටන් ක්‍රීඩකයා ද වන අතර (1983- 1987 , 1989- 1992) ශ්‍රී ලංකා බැට්මිටන් ශූරතාවලියේ කේවල ශූරතාවය හිමිකර ගෙන තිබේ.

ජාතික තේරීම් කමිටු සභාපති සහ ජාතික පුහුණුකරුවෙක් වශයෙන්ද ඔහු කටයුතු කර ඇත.

මුරාද් ඉස්මයිල් – ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනය, ඇතුළුව සම්මේලන ගණනාවකට සම්බන්ධව කටයුතු කර තිබේ. ගොල්ෆ් තේරීම් කමිටුවෙහි හිටපු සාමාජිකයෙක් ලෙසත්, මේස පන්දු සංගමයේ හිටපු ලේකම් ලෙසත් කටයුතු කර තිබේ.

රොෂාන් මහනාම – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන අතර 1996 ක්‍රිකට් ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට දිනා දුන් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් වේ. ටෙස්ට් තරඟ ඉතිහාසයේ දිවා රාත්‍රී තරඟ තීරකයෙකු වශයෙන් පෙනී සිටි පළමු පුද්ගලයා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සහ තාක්ෂණික උපදේශක කමිටු මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කර ඇත. හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම තරඟ තීරකයෙක් ද වේ. 

සී. රත්නමුදලි – මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වන අතර විශ්වවිද්‍යාල මට්ටමේ ක්‍රීඩා සම්බන්ධයෙන්ද කටයුතු කර ඇත. වොලිබෝල් ජාතික සම්මේලනයේ කටයුතු කරන ලද ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා සම්බන්ධ අධ්‍යයන කටයුතුවල නිරත වූ අයෙක් ද වේ.

ශ්‍රියානි කුලවංස – ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමත්, ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමත් දිනාගන්නා ලදී. 1989 සිට 2004 දක්වා ජාත්‍යන්තර ක්‍රීඩා හැත්තෑවකට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇත. තවමත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බාධක ඉසව්වේ වාර්තාවට ද ඇය හිමිකම් කියයි.

මලික් ජේ. ප්‍රනාන්දු – ඩිල්මා පුද්ගලික සමාගමෙහි සමසභාපතිවරයා ලෙස කටයුතු කරයි.

ශානිත ප්‍රනාන්දු –  හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන අතර CR & FC රග්බි කණ්ඩායම නියෝජනය කරමින් වසර 12 කට වැඩි කාලයක් විවිධ දස්කම් දැක්වූ අයෙකු වේ.1994 දී කණ්ඩායමේ නායකත්වය දැරූ අතර 1994 සිට 1998 දක්වා රග්බි ජාතික කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කළේය. CR & FC රග්බි සමාජයේ හිටපු උපසභාපතිවරයා ද විය.

ජාතික ක්‍රීඩා සභාවේ පත් කිරීම් අද (14) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි. 

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා අතින් මෙම පත්වීමේ ලිපි බාරදීම සිදු විය.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ද සහභාගී විය.

Continue Reading

පුවත්

යෝෂිත සහ ඩේසි ආච්චිට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් වත්ත උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කරගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඉදිරිපත් කර ඇත.

මෙසේ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම අධිචෝදනාව පත්‍ර ගොනු කර තිබේ. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබුණි.

සබැඳි පුවත්:

යෝෂිතට හා ඩේසි ආච්චිට නඩු

Continue Reading

පුවත්

පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අනුමැතිය

Published

on

By

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.  

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමි ව තිබේ.

මේ සඳහා අනුමතිය හිමිය ඇත්තේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති  අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් අද (14)  පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදී ය.

මෙහිදී 2021 සහ 2022 යන වර්ෂ සඳහා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව ද කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව අනුමතිය හිමි විය.

මෙම කාරක සභාව සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරු, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved