කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරනයේ දී විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති අලි සබ්‍රි රහීම් මහතා ඊයේ (16 ) දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සදහා සම්භාවනීය විශේෂ අමුත්තා ලෙස සහභාගී සිටි බැව් ජනතාව පවසති.
කල්පිටිය නගරය තුළ විශේෂ ගරු බුහුමන් සහ පොලිස් අචාර මැද මන්ත්‍රීවරයා උත්සව භූමිය කරා කැටුව යනු දැකිය හැකිවූ බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
කල්පිටියේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයේ පවරණ ලද නඩුවක් විගායට ගත් තෙවරකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අධිකරණය මගහැර සිටියේ ය.
අධිකරණය මගහැර සිටීම, නීතිඥවරෙයකු හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී නොසිටීම ආදී කරුණු පදනම් කර ගනිමින් අතිරේක දිසා විනිසුරුවරිය හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහාම අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසට කල්පිටිය පොලිසියට නියෝග කර ලදි.
මන්ත්‍රීවරයා මෙසේ විවෘත වරෙන්තු සහිතව ප්‍රසිද්දීයේ හැසිරීම සම්බන්ධයෙන් කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරි ලාල් එදිරිසිංහ මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා පවසා ඇත්තේ, මෙතෙක් මන්ත්‍රීවරයා අධිකරනයට ඉදිරිපත් වී නොමැති බවත්, ඉක්මනින්ම ඉදිරිපත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය.
මෙම උළෙලට වයඹ පළාත් ආණ්ඩුකාර අහමඩ් නසීර මහතා ද සහභාගීවී සිටි බව පැවසේ.
මූලාශ්‍රය හා ඡායාරූපය – ලංකාදීප