ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව ‘වශෝකු’ ආහාර වර්ග පිළියෙළ කිරීම සහ පිළිගැන්වීම පිළිබඳ වැඩමුළුවක් ඊයේ (28) ජාතික තරුණ සේවා සභාවේහිදී පවත්වන ලදී.
මෙම වැඩමුළුවේදී, ‘කරඅගේ’ (බැදපු මස්), ‘චිකන් නන්බන්’ (කුකුල් මස්, විනාකිරි සහ ටාටාර් සෝස් ආදිය භාවිතා කොට සකස් කෙරේ.) සහ චිකන් තෙරියකි (පැණි රස සෝයා සෝස් සහ ඔප දැමූ චිකන් ආදිය භාවිතා කොට සකස් කෙරේ) යන ආහාර වර්ග පිළියෙළ කරන ලදී. ජාතික තරුණ සේවා සභාවෙහි ඉවුම් පිහුම් පාඨමාලා සිසුන් මෙන්ම, එහි උපදේශකයින් සහ ජාතික තරුණ සේවා සභාවෙහි නිලධාරීන් මෙම වැඩමුළුවට සහභාගී විය.
ජපන් සංස්කෘතිය හා බැඳුනු, ජපන් ආහාර සම්ප්‍රදාය ‘වශෝකු’ (和食) ලෙස හැදින්වේ.
මෙම ආහාර පිසීම අතුරු කෑම කිහිපයක් සමඟ සකස් කරන ලද බත් බඳුනකින් සමන්විත වේ. මෙම සම්ප්‍රදාය නිරූපනය කරන “和” යන කන්ජි අක්ෂරයෙහි අර්ථය ‘සංහිඳියාව’ බව දැන ගැනීම වැදගත් වේ. එසේම, සියලුම කෑම වර්ග සමස්ථයක් ලෙස එකිනෙක සමඟ හොඳින් ගැලපෙන අතර, රසවල ඉතා හොද සමතුලිතතාවයක් පවතී. මෙය මිනිසුන්හට ආහාර වේල අගය කිරීමට පමණක් නොව, ආහාර වේලට වෙනත් ආකාරයක ගැඹුරක් එකතු කිරීමට ඉවහල් වේ.
‘වශොකු’ යනු විවිධ රසයන් අතර සංහිඳියාව සහ සමතුලිතතාවය මත පදනම් වූවක් බැවින්, මෙම වසරේ 70 වැනි සංවත්සරයේ සන්ධිස්ථානය සනිටුහන් කරන ජපානය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍ර සබඳතාවය සමඟ බැඳී ඇති මූලික වටිනාකම් මෙම අවස්ථාව ඔස්සේ සංකේතාත්මකව නිරූපණය කරනු ලබයි.