Connect with us

පුවත්

“වසත් සිරිය – 2024” තරග සඳහා අයදුම්පත් කැඳවයි

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්‍යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා අලුත් අවුරුදු ක්‍රීඩා හා තරග ඉසව් රැසක් සමගින් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

“වසත් සිරිය – මියැසි ප්‍රසංගය” දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ සහභාගීත්වයෙන් එදින රාත්‍රී 7.00ට එම ස්ථානයේ දී ආරම්භ කෙරෙනු ඇත.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය වශයෙන් කොටස් 03ක් යටතේ මෙහි තරග ඉසව් සංවිධානය කර තිබෙන අතර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, පවුලේ හිතවතුන් සහ ළමුන් වෙනුවෙන් කාන්තා සහ පිරිමි තරග ඉසව් 17ක් පැවැත්වේ.

ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සහභාගිවිය හැකි විවෘත අංශයක් ද පැවැත්වෙන අතර ඊට තරග ඉසව් 16ක් ඇතුළත්ය. 

එමෙන්ම විදේශකයින්, තානාපති කාර්යාල, විදේශ ආයතන සහ අවට හෝටල්වල සිටින පිරිස් වෙනුවෙන් ආගන්තුක අංශයක් ද පැවැත්වෙන අතර අලියාට ඇස තැබීම, වාසනා මුට්ටිය බිදීම, ඉදිකටුවට නූල දැමීම, දෑස් ආවරණය කර කිරි කැවීම, බැලුම් පිපිරවීම, දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, සූප්පුවෙන් බීම බීම, බනිස් කෑම වැනි විදෙස් සංචාරකයන්ට විනෝද විය හැකි තරග ඉසව් 10කින් එය සමන්විතය.

“වසත් සිරිය 2024” අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය, ස්ටෑන්ඩර්ඩ් පාපැදි සවාරිය සහ කඹ ඇදීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීම දැන් සිදු වන අතර එම අයදුම්පත් ව්ව්ව්.ප්ම්ඩ්.ගොව්.ල්ක් වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

“වසත් සිරිය” අවුරුදු කුමරා/ කුමරිය (විවෘත) තරගය සඳහා මාස 03ක් ඇතුළතදී ගත් වර්ණ ඡායාරූපයක් සමඟ අයදුම් කළ යුතු වේ. සියලු අයදුම්කරුවන් වයස අවුරුදු 18-30 අතර අවිවාහක අය විය යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 077-1557146 WhatsApp අංකය වෙත 2024.04.20 දින ප.ව 3.00ට පෙර ලැබීමට සැලැස්විය යුතුය.

පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා මුදල් ත්‍යාග ඇතුළු වටිනා ත්‍යාග පිරිනැමෙන අතර 04 වන ස්ථානයේ සිට 12 වන ස්ථාන සඳහා සැනසිලි ත්‍යාග සහ සහතික පත් පිරිනැමේ. තරග කොන්දේසි සම්බන්ධ අවසාන තීරණය සංවිධාන කමිටුව සතු වන අතර වැඩි විස්තර ක්‍රිසන්ති විතාරණ මහත්මිය (සම්බන්ධීකාරක) දු.ක 0718412300 ඇමතීමෙන් ලබාගත හැකිය.

“වසත් සිරිය” මැරතන් ධාවන තරගය සඳහා වයස අවුරුදු 16ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අවස්ථාව හිමි වේ. ඒ සඳහා www.pmd.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගන්නා අයදුම්පත පුරවා රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු මඟින්, තරග කිරීමට සුදුසු යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවට සහතික කර ගැනීමෙන් අනතුරුව “ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා වෛද්‍ය අංශය, යුද්ධ හමුදා ක්‍රීඩා සංවර්ධන ගම්මානය, යුද්ධ හමුදා ජනපදය, පනාගොඩ, හෝමාගම” යන ලිපිනයට ලියුම් කවරයේ වම්පස ඉහළ කෙලවරේ “වසත් සිරිය විවෘත මැරතන් ධාවනය තරගය 2024” යනුවෙන් සඳහන් කර යොමු කළ යුතුය.

එසේ නොමැතිනම් ජනාධිපති කාර්යාලයේ ආරක්ෂක අංශය වෙත ගෙනවිත් භාරදීම හෝ සම්පූර්ණ කරන ලද අයදුම්පතේ පැහැදිලි ඡායාරූපයක් 0710573828 යන දුරකථන අංකයට WhatsApp මඟින් යොමු කළ හැකියි.

2024 අප්‍රේල් 26 දින පෙ.ව 10.00න් පසු යොමු කෙරෙන අයදුම්පත් පිළිගනු නොලැබේ.

“වසත් සිරිය” කඹ ඇදීමේ තරගය සඳහා තරගවදින සියලුම පිරිමි හා කාන්තා කණ්ඩායම්වල නාමලේඛනය දින තුනකට පෙර සංවිධායක මණ්ඩලය වෙත ලබාදීමට කටයුතු කළ යුතුය.

එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 08 දෙනෙකුට ක්‍රීඩා කළ හැකි අතර, අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ සම්පූර්ණ ක්‍රීඩකයන් ගණන 10 කි.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සැබැඳියාව විදාහ දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක ආකෘතියක් මෙහිදී ප්‍රතිනිර්මාණය කෙරේ.

තවද දුෂ්කර කාල පරිච්ඡේදයකට පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉදිරි මග ඇතුළුව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගත් ලාංකීය සංස්කෘතිය මෙන්ම අතීත උරුමය ලොව හමුවෙ විදාහ දැක්වෙන අංග රැසකින් ද “වසත් සිරිය 2024” අලුත් අවුරුදු උත්සවය විචිත්‍රවත් කෙරේ.

පුවත්

තැපැල් පෙට්ටිය මාලිමාවට හැරෙයි

Published

on

By

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම පක්ෂයේ ඊයේ (22) රැස්වූ විධායක සභාව මෙම තීරණය ගත් බව පක්ෂ නායක ප්‍රභා ගනේෂන් මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, විපක්ෂනායකවරයා මෙන්ම ජනාධිපතිවරයාද තම පක්ෂයට ආරාධනා කර තිබූ බවයි.

කෙසේනමුත් කොළඹ මහ නගර සභාව තුළ සිටින ජනතාවට සේවය කිරීමට තම පක්ෂයට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමග එක්ව එම කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමේ සිය සහයෝගය ලබාදීමට තීරණය කළ හෙතෙම පැවසීය

Continue Reading

පුවත්

රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා, තුන් මාසෙකට කමිටුවක් පත් කරයි

Published

on

By

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (22) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, නිර්දේශිත ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා, සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර, එහි සභාපති ලෙස කටයුතු කරන්නේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතායි.

දින 90 ක් තුළ නව නිලධාරීන් පත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Continue Reading

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved