Connect with us

පුවත්

වසාදැමුණු NEXT ඇඟලුම්හලේ අලුත්ම තත්ත්වය

Published

on

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි  ‘NEXT’ ඇඟලුම් කම්හල හදිසියේ වසාදැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (27) පවත්වා තිබේ.

කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව ඇත.

‘NEXT’ ඇඟලුම් කම්හල වසාදැමීම සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී එහි පාලනාධිකාරය සහ වෘත්තීය සමිති නියෝජිතයන් වෙන්වෙන්ව කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා තිබුණද, එම දෙපාර්ශ්වය එක්ව සාකච්ඡා පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

ඒ අනුව මෙම ඇඟලුම් කම්හල කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වසාදැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.

එසේ වසාදැමීමට තීරණය කළ යුත්තේ සේවකයන් පූර්ව දැනුම්වත් කිරීමකින් අනතුරුව බව මෙහිදී ප්‍රකාශ වී තිබේ.

එමෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් අවධාරණය කර ඇත්තේ සේව්‍ය සේවක සාමූහික ගිවිසුමට අනුව පාලනාධිකාරය කටයුතු නොකිරීම ගැටලු සහගත බවයි.

කෙසේ වතෙත් ඊට පිළිතුරු දෙමින් පාලනාධිකාරය සඳහන් කර ඇත්තේ, අදාළ සාමූහික ගිවිසුම නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවය.

මීට පෙර ප්‍රකාශ කළ පරිදි සේවය අහිමිවන සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට තම සමාගම තවදුරටත් සුදානමින් පසුවන බව මෙහිදී එහි පාලනාධිකාරිය සඳහන්කර ඇත.

ඔවුන් සඳහන් කළේ සිය ආයතනය මෙම කම්හල වසාදමීමට තීරණය කළේ මෙහෙයුම් පිරිවැය අධිකවීමෙන් පසුගිය වසර කිහිපය පුරා දැඩි ලෙස පාඩු ලබමින් සිටීම හේතුවෙන් බවය.

ඒ අනුව අකමැත්තෙන් වුවද කටුනායක පිහිටි තම කර්මාන්ත ශාලාව පමණක් වසාදැමීමට සිදු වූ බව ඔවුන් පෙන්වා දී තිබේ. එය සිය ව්‍යාපාරික තීන්දුවන් බව එම පාලනාධිකාරිය අවධාරණය කර ඇත.

මේ අතර සේව්‍ය සේවක දෙපාර්ශවයේ අදහස් ලබාගැනීමෙන් අනතුරුව මෙම කාර්මික ආරවුල විසඳාගැනීමේ ඉදිරි පියවර පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී විමසා තිබේ.

ඊට පිළිතුරු දෙමින් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ප්‍රකාශකර ඇත්තේ, එළැඹෙන 30වනදා සේව්‍ය සේවක දෙපාර්ශවයම කැඳවා කම්කරු ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කරන බවය.

මෙම සාකච්ඡාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාපය භාර අධ්‍යක්ෂ රන්ජන් සිබේරා ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved