Connect with us

පුවත්

ව්‍යවස්ථා සංශෝධනයට කලින් දේශපාලනඥයන්ගේ ආචාරධර්ම හදන්න

Published

on

ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර දේශපාලන ආචාරධර්ම හා දේශපාලන නායකයන්ගේ ආකල්ප වෙනස් කළ යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

“ජාතික අපේක්ෂාවන්ට අනුගතව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් රැකගන්නා ශක්තිමක් ආණ්ඩුවක්” මැයෙන් වැඩසටහනක් පෙරේදා (25) කොළඹදී පැවැති අවස්ථාවේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ බව සඳහන් කළාය.

ජාතික අවශ්‍යතා අරමුණු කරගනිමින් සමස්ත පාර්ලිමේන්තුවේම ස්වභාවය වෙනස් විය යුතු බවද ඇය එහිදී අවධාරණය කළාය.

එහිදී අදහස් දැක් වූ හිටපු ජනාධිපතිනිය මෙසේද කීය.

“වර්තමාන තත්ත්වයත් එක්ක අපි කොහොමද ව්‍යවස්ථා සංශෝධන කරන්නේ. දේශපාලන පක්ෂ සියල්ල වගකීම් විරහිතයි. ඔවුන් ජාතික අවශ්‍යතා ගැන හිතන්නේ නැහැ. ඔවුන් කල්පනා කරන්නේ ඊළඟ මැතිවරණය දිනන්නේ කොහොමද කියන කාරණය විතරයි.

ඒ ඒ කාලවල පවතින රජය ඉතා හොඳින් ඒ සියල්ල කඩාකප්පල් කරනවා. සියල්ලට ප්‍රථම දේශපාලන ආචාරධර්ම වෙනස් කළ යුතුයි. අරගලයෙන් එය කළා. නමුත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ එය තේරුම් ගත්තේ නැහැ. ඔවුන් ඇහුම්කන් දෙන්නෙවත් නැහැ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මූලික පද්ධතියේ තිබෙන සිදුරු ප්‍රධානව බලපානවා.ගෙන ආ සියලු යෝජනා පාර්ලිමේන්තුවෙන් ඉවතට විසි වෙලා. අන්න ඒ නිසා මොන දේ කරන්නත් කලින් දේශපාලන හැසිරීම සහ නායකයන්ගේ ආකල්ප වෙනස් කළ යුතුයි. එහෙම නොවුණොත් එය පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ නැහැ. ඒ නිසා සමස්ත පාර්ලිමේන්තුවේම ස්වභාවය වෙනස් විය යුතුයි.

පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් දෙනා මේ ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරනවා. අඩුම තරමේ නායකයනුත් එහෙමයි. ඔවුන් මේ දේ කරන්න යන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ.

හිටපු කථානායක කරු ජයසූරිය මහතාද මෙහිදී අදහස් දැක්වීය.

“රටට පිළිගත හැකි ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්වයන් අදහස් ප්‍රකාශ කරනවා. ආගමික නායකයෝ සිවිල් සමාජය දේශපාලන නායකයන් හැමෝම කතා කරනවා. ජනාධිපති මැතිවරණයට පෙර සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වෙනුවෙන් කතා කළා. පොරොන්දු දුන්නා.

වර්තමාන රජයට පමණක් නොවේ සියලු දේශපාලන පක්ෂවලට වගකීමක් තියෙනවා. ඒ දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න.

ජනාධිපතිතුමා විසින් දකුණේ පමණක් නෙවෙයි උතුරු නැඟෙනහිරත් ජනතාවට මේ ගැන බලාපොරොත්තු දීලා තියෙනවා. අපිත් ඒ බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි විශ්වාස කරනවා මේ ව්‍යවස්ථා සංශෝධන වෙනස්කම් ඉතා ඉක්මනින් සිදු කෙරෙයි කියලා.

මෙවැනි වැදගත් වෙනස් කිරීම් ක්ෂණිකව දින ගණනින් සති ගණනින් කරන්න බැහැ. අපි ඒක පිළිගන්න ගමන් අපි කියන්නේ සාධාරණ කාලයක් තුළ මේ ගැන ජනතාව දැනුම්වත් කරන්න කියලා. යම්කිසි ප්‍රායෝගික කාල වේලාවක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. ස්ථිර කාලසීමාවක් ප්‍රකාශ කිරීම අපි හිතන්නේ රජයේ යුතුකමක් කියලා.

2015 දී සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීම වැනි දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. සමහර අවස්ථාවලදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ අපිත් එක්ක වේදිකාවල හිටියා.

සෝභිත හිමියෝ නොහිටින්න 2015 පරිපාලනයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේට වස දෙන්න, ඇක්සිඩන්ට් එකකින් ඝාතනය කරන්න, උන්වහන්සේගේ චරිත ඝාතනයට හුඟක් දේවල් ඒ දවස්වල සිදුවුණා. වර්තමාන ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලීමක් කළා පුළුවන් නම් ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ධවල පත්‍රිකාවක් වගේ දෙයක් හදලා ඉදිරිපත් කරන්න කියලා. ඒ තුළින් ජනතාවටත් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙනවා. කිසිම අවස්ථාවක ජනතාවගේ සහභාගිත්වයක් නැතුව මෙවැනි දේ කළොත් ඒකෙ සාර්ථකත්වයක් දකින්නට ලැබෙන්නේ නැහැ. හරි දෙයක් කරනකොට හරි කියන්නත් වැරදි දෙයක් කරනකොට වැරදි කියන්නත් අපට ආත්ම ශක්තියක් තියෙනවා. සිවිල් සමාජයේ වටිනාකම ශක්තිය උරගා බලන්නට අවශ්‍ය නම් හොඳම දේ තමයි පසුගිය ජනාධිපති මැතිවරණය. ඒ අවස්ථාවේ ජනතාව බොහොම නිශ්ශබ්දව කටයුතු කළා.

මොකක්ද ජනතාව බලාපොරොත්තු වෙන්නේ? අරගලයෙන් බලාපොරොත්තු වුණේ කුමක්ද? අවශ්‍ය වෙන්නේ කුමක්ද? ඉතාම විනිවිද පෙනෙන පාලනයක් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකෙන සාධාරණය ඉටු කළ සමාජයක් ඇති වෙනවා දකින්න තමයි මේ රටේ ජනතාවට එදා අවශ්‍ය වුණේ. ඒ අනුව දැන් ආණ්ඩුවක් පත් කරගෙන ඒ කටයුතු කරගෙන යනවා.

මේ සම්මන්ත්‍රණය ලෑස්ති කළේ ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට හෝ විපක්ෂය ශක්තිමත් කිරීමට නොවේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ කටයුතු කොයි කාලේ කරන්න පුළුවන්ද යන්න රජයේ පාර්ශ්වයෙන් දැනගන්නයි.

දිනමිණ

පුවත්

සංචාරක පැමිණීම ලක්ෂ 09 ඉක්මවයි

Published

on

By

2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් අනාවරණය කර ඇත.

ඒ අනුව, වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුපුරුදු පරිදි ශීත සෘතුවේ නිමාවත් සමඟින් බටහිර රටවල සිට ආසියානු කලාපය වෙත පැමිණෙන සංචාරකයින්ගේ පහළ යාමක් මේ වනවිට වාර්තා වන අතර ඒ අනුව ශ්‍රී ලංකාව වෙත දෛනිකව පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ද මේ වන විට 5,000 මට්ටමින් පහළට පැමිණ ඇත.

කෙසේවෙතත් මැයි 01 සිට මැයි 07 දක්වා සතිය පිරික්සීමේ දී 2023 හා 2024 වසරවල අදාළ සතිය තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා වැඩි සංචාරක පිරිසක් 2025 වසරේ දී පැමිණ තිබීම විශේෂත්වයකි.

2023 වසරේ දී මෙම ප්‍රමාණය 18,761 ක්වූ අතර 2024 දී 28,526ක් ලෙසින් එය වාර්තා වේ. 2025 මැයි මුල් සතියේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 33,910කි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 ජනවාරි – අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් බවය.

මෙය 2024 මුල් මාස 04 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,251.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 10.2%ක වර්ධනයකි.

2025 අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 646.1ක සංචාරක ඉපැයීමක් සටහන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

(අද දෙරණ)

Continue Reading

පුවත්

දිවයින පුරා දන්සැල් 8,000කට වැඩි සංඛ්‍යාවක්

Published

on

By

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචිවී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ එම සියලු දන්සැල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බවය.

එසේම දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය විසින් පොදු උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇත.

ආහාර සහ ජලය මගින් බෝවන රෝග සම්බන්ධයෙන් අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ විශේෂ අවදානය යොමු කරන ලෙසයි දන්සැල් සංවිධායකයින්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි.

Continue Reading

පුවත්

විරාට් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගනී

Published

on

By

ඉන්දීය සුපිරි පිතිකරුවෙක් වන විරාට් කෝලි තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

36 හැවිරිදි ඔහු මේ පිළිබඳව සඳහන් කර ඇති අතර වසර 14ක වෘත්තීය ජිවිතය නිමා කරන බවයි ඔහු පවසා ඇත.

විරාත් කෝලි 2011 සිට 2025 දක්වා දිවෙන වසර 14 ගැන සටහනක්ද තබා තිබේ.

ලීඩ්ස් හි හෙඩින්ග්ලි හිදී ජුනි මස 20 වනදා ආරම්භ වීමට නියමිත් ඉන්දියා – එංගලන්ත තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට පෙර ඔහු මේ බව නිවේදනය කර ඇත.

විරාත් කෝලි සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ තැබූ සටහන පහතින්.,

”ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී මම මුලින්ම නිල් පැහැති ඇදුමක් ඇදගෙන වසර 14ක් ගත වී ඇත.අවංකවම, මෙම ආකෘතිය මා රැගෙන යන ගමන මා කිසි විටෙකත් සිතුවේ නැත.එය මාව පරික්ෂා කළා.මාව හැඩ ගැස්වූවා,සහ මම ජීවිතය සඳහා ගෙන යන පාඩම් මට ඉගැන්නුවා,සුදු ඇඳුමින් ක්‍රීඩා කිරීම ගැන ගැඹුරින් පෞද්ගලිකව දෙයක් තියනවා.නිහඬ ඇඹරීම, දිගු දින, කිසිවෙකු නොදකින කුඩා අවස්ථා ඔබ සමඟ සදහටම පවතිනු ඇත.මම මේ ආකෘතියෙන් ඉවත් වන විට , එය පහසු නැත – නමුත් එය නිවැරදි යයි හැඟේ.මා සතුව තිබු සියල්ල මම එයට ලබා දී ඇත්තෙමි.එය මට බලාපොරොත්තු වුවාට වඩා බොහෝ දේ ආපසු ලබා දී ඇත., මම කෘතඥතාවයෙන් පිරුණු හදවතකින් පිටත් වනවා – ක්‍රීඩාව වෙනුවෙන් මා පිටිය බෙදා ගත් පුද්ගලයින් වෙනුවෙන් සහ මඟ දිගේ මාව දැක ඇති බව හැඟවූ සෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම . මම සැමවිටම මගේ ටෙස්ට් ජිවිතය දෙස සිනහවකින් ආපසු හැරී බලමි.” 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved