Connect with us

පුවත්

ව්‍යාජ පුවතක් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

Published

on

රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේ පාසල්වල දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන නතර කර ඇති බවට පසුගිය දින කිහිපය තුළ විවිධ තොරතුරු පැතිර ගොස් ඇති බවය.

එම වාර්තා සියල්ල අසත්‍ය බවත් පාසල් ළමුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් තිලකා ජයසුන්දර මහත්මිය පැවසුවේය.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ වැඩසටහන ලබන වසර දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද පවතින බවය.

රජයේ පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන්ට දිවා අහාරය ලබාදීමේ වැඩසටහන පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ කෙරුණි.

පුවත්

රේගුවේ සුනිල් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ධූරයට !

Published

on

By

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් වීමට පෙර ඔහු රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

සුනිල් ජයරත්න මහතා වසර 37 කට වැඩි කාලයක් රෙගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති රේගු විශය සම්බන්ධ ප්‍රවීනයෙකි.

මීට අමතරව ඔහු පසුගිය වසර තුනහමාරක කාලය තුළ මාධ්‍ය ප්‍රකාශකවරයකු වශයෙන් ද කටයුතු කළේය.

සුනිල් ජයරත්න මහතා බ්‍රසීලයේ ලෝක රේගු සංවිධානයේ “ටයිම් රිලීස් ස්ටඩි” නමැති ප්‍රධාන වෙළඳ පහසුකම් සැලසීමේ පියවරක් සඳහා ප්‍රවීණ පුහුණුකරුවෙකු, තාක්ෂණික සහ මෙහෙයුම් උපදේශකවරයෙක් ද වන බව පැවසේ.

තවද ඔහු වෙළඳ පහසුකම් සහ රේගු තක්සේරුව සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සම්පත් දායකයෙකු ලෙස ද දශක දෙකකට අධික කාලයක් සේවය කර තිබේ.

Continue Reading

පුවත්

සජබ අපේක්ෂක චම්පික අල්ලන්න විශේෂ පොලිස් කණ්ඩායමක් දාලා

Published

on

By

නකල්ස් පරිසර සංවේදී කලාපයේ හෝටලයක් තුළ ඇතිවූ ආරවුලකදී පරිසරවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු ධුර අපේක්ෂක නීතිඥ චම්පික විජේරත්න අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ලග්ගල පොලිසිය පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල ආසන සංවිධායකවරයාගේ හිතවතුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඊට අමතරව ඔහුගේ සහෝදරයෙකුද අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පත්මරාජ සඳහන් කළේය.

බදු පදනමක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් එහි සේවය කරනු ලැබූ නකල්ස් සංචාරක කවයේ ලේකම් නදීර වීරසිංහට චම්පික විජේරත්න ඇතුළු පිරිස පහර දුන් බව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙන බවත් මේ වන විට පහර කෑමට ලක් වූ පුද්ගලයා ලග්ගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.

මෙය දේශපාලන පැමිණිල්ලක් නොවන බවත් පෞද්ගලිකව හෝටල් ගනුදෙනු සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ පැමිණිල්ලක් බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

(අරුණ)

Continue Reading

පුවත්

ඩයලොග් හි කරක් ගැසූ මොතිලාල් ටෙලිකොම් සභාපති කරයි

Published

on

By

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ.

එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය.

ටෙලිකොම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් වන ආචාර්ය මොතිලාල් මහතා විදෙස් රටවල් කිහිපයක සේවය කර ඇති අයෙකි.

වසර 5ක් එකදිගට පාඩු ලැබූ ටෙලිකොම් ෆිජි ආයතනය ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමට ඔහු සමත්වී වූ බව පැවසේ.

ඔහු එහි සමුහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේය.

ආචාර්ය මොතිලාල් ඩයලොග් ආසිආටා සමාගමේ මෙන්ම මැලේසියා ආසිආටා සමාගමේද උසස් තනතුරු දරා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved