Connect with us

පුවත්

ව්‍යාජ ස්ටිකර ඇලවූ මත්පැන් සමාගමකට මිලියන 40ක පමණ දඩයක්!

Published

on

මත්පැන් බෝතල් නිෂ්පාදන ස්ථාන 52 ක් පරික්ෂාවට ලක් කිරීමේදී ව්‍යාජ ස්ටිකර ඇලවූ මත්පැන් බෝතල් 44,000 කට වැඩි ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට ඊයේ (07) දැනුම් දී තිබුණි.

එහිදී සොයාගනු ලැබූ ව්‍යාජ ස්ටිකර ඇලවූ මත්පැන් බෝතල් සඳහා එක් සමාගමකින් අය කර ගනු ලැබූ දඩය මිලියන 40 කට ආසන්න ප්‍රමාණයක් බවද සුරාබදු දෙපාර්තමේන්තුව කාරක සභාව හමුවේ වාර්තා කළේය.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අතර කාරක සභාවට සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.

මත්පැන් බෝතල් වල ව්‍යාජ ස්ටිකර යොදා ගැනීම නිසා මේ වනතෙක් රටට අහිමි වී ඇති බදු ආදායම සෑම මත්පැන් බෝතලයකින්ම රුපියල් 2,900 ක් බවට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවේදී පසුගියදා අනාවරණය වීම හා ඒවා වහාම සෙවීමට සඳහා කාරක සභාව විසින් 2023 අගෝස්තු 22 දුන් නිර්දේශ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම වැටලීම් සිදුකර තිබේ.

ඒ අනුව කරුණු සලකා බැලීමෙන් අනතුරුව ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවේ සභාපති ගරු පාඨලී චම්පික රණවක මහතා විසින් සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේ තවදුරටත් මෙම ව්‍යාජ ස්ටිකර ජාවාරම සිදුකළහොත් සුරාබදු පනතේ 27 වන වගන්තිය අනුව එම මත්පැන් නිෂ්පාදන සමාගම් වල බලපත්‍ර අහෝසි කරන ලෙස සහ එම ව්‍යාජ ස්ටිකර පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසයි.

ඇප් එකක්
ඒ අනුව තවදුරටත් ව්‍යාජ ස්ටිකර සහිත මත්පැන් බෝතල් සඟවාගෙන විකුණන මත්පැන් අලෙවිසැල් සොයා ඒවායේ බලපත්‍ර ද අහෝසි කරන ලෙසත්, මත්පැන් බෝතල් වල නිරවද්‍යතාව ඉක්මනින් ජනතාවට හඳුනා ගත හැකි වන QR තාක්ෂණය පදනම් කර ගත් ජංගම යෙදුමක් (Mobile App) හදුන්වා දීමට කටයුතු කරන ලෙසත් ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ කළේය.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව සදහා පහත සංරචක ඇතුලත් තොරතුරු තාක්ෂණ යෙදුමක් මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දීම සිදුකළ යුතු බවට එහිදී තීරණය විය.

* නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වූ වහාම ස්වයංක්‍රීයව බදු ගණනය කළ හැකි වීම.
* මාර්ගගත ක්‍රමයට (online) බලපත්‍ර අලුත් කිරීමට හැකි වීම.
* බදු ගෙවීම පැහැර හරින විට ස්වයංක්‍රීයව බලපත්‍ර අහෝසි කළ හැකි වීම.
* වෙනත් ආයතන හා අන්තර් සම්බන්ධ විය හැකි වීම හා ජාතික හැඳුනුම්පත් අංකය අනන්‍යතාවය හඳුනා ගැනීමේ අංකය ලෙස යොදා ගත හැකි වීම.

බදු ගෙවන්නැත්නම් ලයිසන් එකත් අහෝසියි
තවද, රුපියල් බිලියන 6ක හිඟ බදු මුදල් ගෙවීම් සැලසුමට අනුව අදාළ නිෂ්පාදනාගාර බදු මුදල් නොගෙවන්නේ නම් ඔක්තෝම්බර් 30 දින වන විට සුරාබදු ආඥා පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන ලෙසද කමිටුව උපදෙස් ලබා දුන්නේය.

ඉහත නිර්දේශ වලට අමතරව රා නිෂ්පාදනාගාර 38 ම අධීක්ෂණය කළ හැකි ක්‍රමවේදයක් හදුන්වා දීම, සියළු මත්පැන් බෝතල් සඳහා පාරිභෝගිකයාට ව්‍යාජ මත්පැන් බෝතල් පහසුවෙන් හදුනා ගත හැකි එක් සමජාතිය හදුනා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීම සහ සුරාබදු කොසමාරිස් ජනරාල්ට තම කාර්යාලයේ සිට මත්පැන් නිෂ්පාදනාගාර 23ම අධීක්ෂණය කළ හැකි  ක්‍රමවේදයක් සැකසීම පිළිබඳවද පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සුරාබදු දෙපාර්තමේන්තුව වෙත සිය නිර්දේශ ලබා දුන්නේය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, වසන්ත යාපා බණ්ඩාර, චන්දිම වීරක්කොඩි, සංජීව එදිරිමාන්න, අශෝක් අබේසිංහ සහ එස්.එම්.එම්. මුෂාරෆ් යන මහත්වරු එක්ව සිටියහ.

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය පහතින් දැක්වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved