Connect with us

පුවත්

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය මේ සතියේ සිට

Published

on

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම නව ක්‍රමය මගින් නිවසේ සිට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර  (eRL 2.0)  ලබාගත හැකි බවත් ඒ  මහතා සඳහන් කළේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කනක හේරත් මහතා මෙසේද පැවසීය.

මේ රටේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට මෙන්ම අක්‍රමිකතා අවම කර ගැනීමට සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි. එනිසා මේ පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය ප්‍රකාශය හරහා මෙරට සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව සඳහන් කළා. 

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභා, නගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන නවයක් තෝරා ගෙන නියමු ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක වෙනවා. 

මීට අමතරව මේ මස 07 වැනිදා සිට (eRL 2.0)  වාහන ආදායම් බලපත්‍ර ද මාර්ගගත ක්‍රමය තුළින් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

බස්නාහිර පළාත හැර සෙසු පළාත් 8ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන සෑම රාජ්‍ය ආයතනයකටම ව්‍යාප්ත කිරීමට සහ ලබන වසරේ මාර්තු මස වන විට සියයට සියයක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීම් කටයුතු කර ගැනීමට අවශ්‍ය කටයුතු  ද සිදු කෙරෙමින් පවතිනවා.

ඩිජිටල්කරණය තුළින් සමස්ත රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂමව කිරීම හා ශක්තිමත් කිරීම ලබන වසර වන විට සිදු කර ගැනීමට කටයුතු කරනවා. එම වැඩඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට ‘ඩිජිකොන් 2023-2030’ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කර තිබෙනවා. 

මෙයට සමගාමීව තාක්ෂණ ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ පැවැත්වීමට  මෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් උපහාර උත්සව ද සංවිධානය කර තිබෙනවා. රටේ නව ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් වූ ඩිජිටල් ආයෝජන සමුළුව ඔක්තෝබර් මස 13 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පවත්වනවා. මේ සඳහා ආයෝජකයන් 100ක් පමණ සහභාගි වීමට නියමිතව තිබෙනවා.

මෙමගින් රටේ ආයෝජන ශක්තිමත් කිරීමට ඉවහල් වෙනවා. ඩිජිකොන් වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය මෙරට ඩිජිටල් ආර්ථික සැලැස්මක් ගොඩනැඟීමයි. කෙටි කාලයක් තුළ ඩිජිටල් ආර්ථිකය තුළින් විදේශීය විනිමය උපයා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් මේ තුළින් බලාපොරොත්තු වෙනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved