Connect with us

පුවත්

වැඩි කරන්න ඕන බදු බර නෙමෙයි බදු පරාසයයි – රවි

Published

on

ජනතාව මත පවතින බදු බර සැහැල්ලු කිරීමේ වැඩපිළිවෙලක් ගෙන ඒම අවශ්‍ය බව හිටපු අමාත්‍ය – රවී කරුණානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ, වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ සිසුවියක මියයෑම පිළිබඳ සොයා බැලීමට එම විදුහලේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පාසලේ ප්‍රමිතියකින් තොරව ඉදි කර තිබෙන සියලු ඉදිකිරීම් ප්‍රමිතියකින් යුක්තව ඉදිකිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් කරුණානායක මහතා ඉල්ලා සිටියේය. මීට අමතරව පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද ඔහුගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී පියවර ගැනිණි.

අයවැය හා බදු බර පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වැට් බද්ද 3%කින් වැඩි කිරීමට හැර වෙනත් බදු වැඩි කර නොමැති නමුත්, පවතින බදු ප්‍රමාණය සැහැල්ලු කිරීමේ වැඩපිළිවෙලක් ගෙන ඒම අවශ්‍ය බව හිටපු අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

බංකොලොත්භාවයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අත්‍යවශ්‍ය වුවත් ඔවුන් පවසන සෑම පදයටම නැටීමට සූදානම් වීම අවශ්‍ය නොවන බවත් සිදුකළ යුත්තේ බදු බර අඩු කිරීමට නිර්මාණශීලි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම බවත් ඔහු පැවසීය.

“බදු ගෙවන කට්ටියගෙන්ම තව බදු ගන්න එක නෙමෙයි තියෙන්නෙ. පරාසය වැඩි කිරීම තමයි අවශ්‍ය වන්නේ,” යැයි කරුණානායක මහතා පෙන්වා දුන්නේය.

කලා

‘Papon Live’ කොළඹදී පැවැත්වේ! (ඡායා)

Published

on

By

76 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ  ‘Papon Live’  (පැපොන් ලයිව්) ප්‍රසංගය ඊයේ (22) උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහළේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් – ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය වසන්ත සමරසිංහ, මහබැංකු අධිපති – ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ, හර්ෂණ සූරියප්පෙරුම, සුනිල් වටගල, මහින්ද ජයසිංහ සහ චතුරංග අබේසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

පැපොන්ගේ ආත්මීය තනු වලට අමතරව, ආචාර්ය රවිබන්දු විද්‍යාපති ප්‍රමුඛ සංගීත හා ගායන කණ්ඩායමයක දක්ෂතා වලින්ද මෙම උත්සවය වඩාත් වර්ණවත් විය. 

අසාම් ප්‍රාන්තයෙන් බිහිවූ ‘අංගරාග් මහන්තා’ ශෛලයන් ගණනාවක ගී ගයන අතිදක්ෂ ඉන්දීය ගායකයෙකු මෙන්ම සංගීතඥයෙකි.  

Moh Moh Ke Dhaage (Dum Laga Ke Haisha), Kyon (Barfi!) Jiyein Kyun (Dum Maaro Dum), Humnava (Hamari Adhuri Kahani), හා Labon Ka Karobar (Befikre) වැනි චිත්‍රපට ගීත රැසක් ගායනා කර ඇති ඔහු, කෝක් ස්ටූඩියෝ, MTV අන්ප්ලග්ඩ් වැනි අතිජනප්‍රිය සංගීත වැඩසටහන් වලටද දායකත්වය ලබාදෙමින් සම්මාන රැසකට හිමිකම් කියයි.

(ඡායා : ශානිකා ජයසේකර ‍| අතිරේක ඡායා : ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය)


Continue Reading

පුවත්

අනුර යාපාට ඇප

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇපමත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මෙහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.


(පෙර පුවත: 2025 ජනවාරි 23, ප.ව.02:01)

අනුර ප්‍රියදර්ශන යාපා සහ බිරිඳ අධිකරණයට

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවය.

2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් හැටඑක් ලක්ෂ 46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

ඒ අනුව එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙල් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම මිල ඉහළට ( Update )

Published

on

By

පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන ආහාර වේල්වල මිල ගණන් ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරකසභාව තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.

ඒ අනුව, ලබන සතියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී මෙතෙක් රුපියල් 100ක් වශයෙන් පැවති උදෑසන ආහාර වේලක මිල රුපියල් 600ක් දක්වාත්,

මෙතෙක් රුපියල් 300ක් වශයෙන් පැවති දිවා ආහාර වේලක මිල රුපියල් 1,200 දක්වාත්,

මෙතෙක් රුපියල් 50ක් වශයෙන් පැවති තේ පැන් සඳහා වන ගාස්තුව රුපියල් 200ක් දක්වාත් ඉහළ දමා ඇත.

කෙසේවෙතත් මෙම ආහාර වේල් සඳහා පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය නොකළ බවත් නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


(පෙර පුවත: 2025 ජනවාරි 23, පෙ.ව.11:20)

පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කිරීමේ තීරණය අද

පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු කියා සිටියේ අදාළ යෝජනාවට අද (23) දිනයේ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් පසුවන බවය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (23) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි එල්ල කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමිනි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණු කිසිවක් මේ දක්වා නිසි පරිදි ඉටු වී නොමැති බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මෙහිදී චෝදනා කළ අතර සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාට වඩා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සාර්ථක බවයි. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved