Connect with us

පුවත්

වැඩි මිලට විකිණූ හොර පොහොර

Published

on

ව්‍යාජ ලෙස සකස් කරන ලද පොහොර ගොවීන්ට වැඩි මිලට අලෙවි කළ පොලොන්නරුව, සිරිපුර ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වටලා, එහි කළමනාකාරවරයකු ඇතුළු සේවකයන් දොළොස්දෙනකු පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.

දීර්ඝ කාලයක සිට නයිට්‍රජන් සියයට විසි එකක් (21%) පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනවිත්, සියයට හතළිස් හයක් (46%) නයිට්‍රජන් පවතින බව සඳහන් කර එම පොහොර බෑග්වල අසුරා ගොවීන්ට වැඩි මිලට අලෙවි කර ඇතැයි පැවසේ.

කලවම් කරන ලද පොහොර මිටි දහසකට ආසන්න සංඛ්‍යාවක්, පොහොර පටවා තිබූ ලොරි හතරක් සහ තවත් උපකරණ තොගයක් පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය භාරයට ගෙන තිබේ.

මෙම ජාවාරම් සිදුකරන ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, වැටලීම සිදු කරන අවස්ථාවේදී සේවකයන් එකොළොස්දෙනකු එම පොහොර මිශ්‍ර කරමින් සිටි බව එම විමර්ශන නිලධාරිහු පැවසූහ.

අත්අඩංගුවට ගත් මෙහි කළමනාකරු බව කියන පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, පොහොර ඇසුරුම් කරමින් සිටි සේවකයන් මඩකලපුව සන්ධිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කළේය.

වැඩි මිල සටහන් කරන ලද හිස් පොහොර මලු දෙදහකට ආසන්න සංඛ්‍යාවක්, පොහොර බෑග් මහන යන්ත්‍ර සහ මිල සටහන් කරන යන්ත්‍ර සූත්‍ර කිහිපයක්ද එම නිලධාරින් භාරයට ගෙන තිබේ.

මෙම ජාවාරම කරගෙන ගිය බව කියන ප්‍රධාන සැකකරු විසින් පෞද්ගලික පොහොර සමාගමකින් කිලෝ ග්‍රෑම් 50 මිටියක් රුපියල් පන්දහසක් වැනි මිලකට ලබාගෙන ඇත.

පසුව ඒවා අරලගංවිල, සිරිපුර, වැලිකන්ද ඇතුළු පොලොන්නරු දිස්ත්‍රික්කය පුරා සිටින ගොවීන්ට සහ අලෙවි නියෝජිතයන්ට බෙදා හැර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල බිම් ප්‍රමාණයක වී වගාව සඳහා යල මහ දෙකන්නයේ බොහෝ ගොවීන් පිරිසක් කලක සිට යොදාගෙන ඇත්තේ මෙම ජාවාරම්කරුවාගෙන් ලබාගන්නා පොහොර බවත් ගොයම කහගැන්වී අස්වැන්න අඩුවීමට එය හේතුවක් වී ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බවත් පොලිසිය පැවසීය.

මේ අතර මෙම මහා පරිමාණ ජාවාරම සඳහා ප්‍රධාන සැකකරු සමග තවත් කිහිපදෙනකු සම්බන්ධ වී ඇති බවට සැකකරන බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.

අදාළ සැකකරුවන් බී වාර්තාවක් මගින් පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (14) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved